දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්‌?
Homeගොසිප්

රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්‌?

PropellerAds

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව අගමැතිවරයාට විශ්වාස භංග යෝජනාවක්‌ ගෙන එන බව කීම දේශපාලන මඩ ගැසීමක්‌ පමණක්‌ බව විදුලිබල හා පුනර්ජනනීය බල...

මහ බැංකුව කැඩුවට පසු රට එකතැනක සිරවෙලා (බ්‍රහස් කාටූන්)
Victor Rathnayake 77th Birthday Celebration
මධූෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්-එස්.ටී.එෆ් කියයි

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව අගමැතිවරයාට විශ්වාස භංග යෝජනාවක්‌ ගෙන එන බව කීම දේශපාලන මඩ ගැසීමක්‌ පමණක්‌ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධව විමර්ශනය කරන ලද ජනාධිපති කොමිසම විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සියයට සියයක්‌ම වගකීමෙන් නිදහස්‌ කර තිබියදීත් මෙලෙස විශ්වාස භංගයක්‌ ගෙන එන්නේ නම් ඒ මොළය කොලොප්පන් වූ පිරිසක්‌ කරන කටයුත්තක්‌ ලෙස සලකන බවද හෙතෙම කීය.

ජනාධිපති කොමිසමෙන් අගමැතිවරයා නිදහස්‌ කිරීම විපක්‍ෂයේ අයට දරාගැනීමට නොහැකි නිසා මෙලෙස විශ්වාස භංග ගෙන එන බව ඔවුන් පවසන බවත් මීට පෙරත් ආණ්‌ඩුවට විරුද්ධව ගෙන ආ විශ්වාස භංගවලට වූයේ කුමක්‌ දැයි කියා සොයා බලන ලෙස ඔවුන්ට මතක්‌ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හිටපු මුදල් ඇමැතිවරයා පමණක්‌ බිල්ලට දී ගැලවෙන්න දෙන්න බැහැ

ඇමතිවරයා එබව සඳහන් කලේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විශ්වාස භංග යෝජනාවක්‌ ගෙනඒමට බලාපොරොත්තු වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

බොරැල්ල ආචාර්ය, එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (5දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ගේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් ලබන ඉරිදා දිනයේ රැස්‌ව ඒ පිළිබඳව තීරණයක්‌ ගන්නා බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

බැඳුම්කර හොරකම සුළුකොට තැකිය නොහැකි මුළු මහත් ජනජීවිතයට බලපාන ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම හොරකම බවත් රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයා පමණක්‌ බිල්ලට දී එයින් ගැලවිය නොහැකි බවත් ඔහු පැවසීය.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු මෙයට සම්බන්ධ අමාත්‍යවරුන්ට සිය ධූර දැරීමට සදාචාරාත්මක අයිතියක්‌ නොමැති බවත් ඒ නිසා අගමැති ප්‍රමුඛ එම ඇමැතිවරුන් ඉල්ලා අස්‌විය යුතු බවත් නැතහොත් ජනාධිපතිවරයා විසින් ඔවුන් එම ධූරවලින් ඉවත් කළ යුතු බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්‌?
රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්‌?
http://ift.tt/2EcW9rW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_656.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_656.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy