දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණ කොමිසමේ සභාපති : වැඩ පොහොට්ටුවට - මනාපය මහින්දට.
Homeගොසිප්

මැතිවරණ කොමිසමේ සභාපති : වැඩ පොහොට්ටුවට - මනාපය මහින්දට.

PropellerAds

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 2017 දෙසැම්බර 27 දින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අතර තුර මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයක් යොදා ගැනීම සහ ශ්‍රී ලංකා ප...

චීන රෙදි සාප්පුවකට ගිය රනිල් ඇඳුම් තෝරපු හැටි
Harshana Bethmage & Wolga Kalpani Home Coming
හිටපු විනිසුරු සරත් ආබෘගේ හදිසි මරණය - Update

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 2017 දෙසැම්බර 27 දින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අතර තුර මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයක් යොදා ගැනීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රවෘත්ති විකාශය තුළ කාලය ලබානොදීම මාධ්‍ය උපමාන උල්ලංඝණය වන අයුරින් සහ සමානව සැලකීමේ මුලධර්මයට සම්පුර්ණයෙන් පටහැනිව ක්‍රියා කිරීමක් බව සඳහන් කරමින් දැඩි අවවාදාත්මක ලිපියක් එහි සභාපතිවරයාට යොමුකිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් යුතුව යොමුකර ඇති එම ලිපියේ කරුණු 8ක් අවධාරණය කර ඇත.

මහින්දට ගහන්න එපා

එම අවවාදාත්මක ලිපියේ සඳහන් වන පළමු කරුණ වන්නේ 2017 දෙසැම්බර් 27 වනදා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ ‘සෝදිසි’ විශේෂාංගය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයක් උපුටා දැක්වීමය.

ඒ පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවධාරණය වී ඇත්තේ අදාළ උපුටාගැනීම තුළ එම දේශපාලනඥයා අගතියට පත්ව ඇති බවය. එහෙත් මහින්ද රාජපක්ෂ යනු 2015 අගෝස්තු මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කර එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙතින් නාම යෝජනා ලැබුවෙකුය.

බළලා මල්ලෙන් එළියට

එසේම මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කිසිඳු දේශපාලන පක්ෂයක තනතුරක් මහින්ද රාජපක්ෂගේ නමට වෙන්ව නැත. එසේම ඔහු එළඹෙන පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයකුද නොවේය.

ඒ අනුව මහින්දගේ ප්‍රකාශයක් උපුටා දැක්වීම මැතිවරණයට අදාළ මාධ්‍ය උපමාන කඩකිරීමක් වන්නේ කොතනදීද යන්න ගැටළු සහගතය. අවම වශයෙන් මේ මැතිවරණයට තරග කරන කිසිඳු දේශපාලන පක්ෂයක වගකිව යුතු නිලයක් නොදරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ප්‍රකාශයක් උපුටා ගැනීම ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් වන්නේ කෙසේද යන්න මැතිවරණ කොමිසම පැහැදිළි කල යුතුව තිබුණි.

කෙසේ වුවත් කට ලිහන්නටත් පෙර බළලා මල්ලෙන් එළියට පැන්නා වාගේ මේ අවවාදාත්මක ලිපිය ආරම්භයේදීම මැතිවරණ කොමසාරිස් දෙක පටලවා ගෙන ඇති බව පැහැදිළිය. මෙතනදී මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයක් යොදාගෙන ඔහුව අගතියට පත්කිරීම ගැටළුවක් විය යුත්තේ එක්කෝ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාටය. නැතිනම් එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. එහෙත් දැනගන්නට ඇති ආකාරයට මන්ත්‍රී මහින්ද හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය එවැනි පැමිණිල්ලක් මැතිවරණ කොමිසමට සිදුකර නැත.

ඒකාබද්ධ විපක්ෂය දේශපාලන පක්ෂයක්ද ?

ඒ අනුව මේ මොහොතේ මහින්දව මාතෘකාවක් බවට පත්වීමම ගැටළු සහගතය. කෙසේ වුවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද මේ මොහොතේ වක්‍රාකාරව මන්ත්‍රී මහින්දව රකින්න යන බවක් ප්‍රදර්ශනය වෙයි. නැතිනම් අවම වශයෙන් නෛතිකව කිසිඳු දේශපාලන පක්ෂයක නායකයකු නොවන සහ අදාළ මැතිවරණයේ අපේක්ෂකයකු නොවන මන්ත්‍රී මහින්ද විවේචනය කිරීම මාධ්‍ය උපමාන කඩවීමක් ලෙස සඳහන් කරන්නේ කෙසේද යන්න මැතිවරණ කොමිසමේ සභාපති පැහැදිලි කල යුතුව ඇත.

එසේම අදාළ ප්‍රවෘත්ති විකාශය තුළ මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ 4ක් නියෝජනය වන ලෙස නියෝජිතයන් 4 දෙනෙකුගේ ප්‍රකාශ සඳහා අවස්ථාව ලබාදී තිබු බවත් නමුත් පොදුජන පෙරමුණ සඳහා අවස්ථාව ලබාදී නොමැති බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද අවධාරණය කර ඇත. ඒ ඔහුගේ ලිපියේ දෙවන කරුණ ලෙසින්ය.

මැතිවරණ කොමිසමේ සභාපතිගේ එම අවධාරණයේ මෙසේ සඳහන්ව ඇත. “එසේ වූවද පළාත් පාලන ආයතන 300 කට වඩා තරගකරන ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ පක්ෂයට සහය වන කිසිඳු දේශපාලනඥයකුගේ හෝ පාර්ලිමේන්තුවේ ‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ’විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රී කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයෙකුගේ හෝ කතාවක උපුටනයක් ප්‍රචාරය නොකිරීම සමාන අවස්ථා ලබාදීම පැහැදිළිවම උල්ලංඝණයක් කිරීමක් බවද නිරීක්ෂණය වේ.”

සැබවින්ම එක්සත් ජාතික පක්ෂය - පා.ම චමින්ද විජේසිරි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- අමාත්‍ය දුමින්ද දිසානායක , එක්සත් ජනතා නිදහස් සන්ධානය - අමාත්‍ය ඩිලාන් පෙරේරා, ජනතා විමුක්ති පෙරමුණ - පා.ම අනුර කුමාර දිසානායක යන අයගේ ප්‍රකාශ සඳහා 2017 දෙසැම්බර් 27 රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ අවස්ථාව ලබාදී තිබු බව ඇත්තය.

බැසිල් පොදුජන පෙරමුණේ නොවෙයිද ?

එසේම එම ප්‍රවෘත්ති විකාශය තුළ බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශයක් විකාශය කර ඇත. බැසිල් රාජපක්ෂ යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්ය. අවාසනාවට ඇත්ත කතාව නම් ස්වාධීන මැතිවරණ කොමිසමේ, ස්වාධීන සභාපති ඒ බව නොදැක්කා සේ සිය ලිපිය ලිවීමය.

අවම වශයෙන් ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ එහි සභාපතීත්වය දරන මහාචාර්ය ජී.එල්. පීරිස් හෝ ලේකම්වරයා වන නීතිඥ සාගර කාරියවසම්ගේ ප්‍රකාශයක්වත් විකාශය කරන්න කියා සඳහන් කළා නම් ස්වාධීන මැතිවරණ කොමිසමේ ස්වාධීන සභාපතිට රෙද්ද නොගලවාගෙන සිටීමට හැකියාව තිබුණි. නමුත් ඔහු විසින්ම ඔහුගේ රෙද්ද ගලවා ගන්නේ “එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රී කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයෙකුගේ හෝ කතාවක උපුටනයක් ප්‍රචාරය නොකිරීම” වැනි අටමගලක් තම ලිපියට ඔබා ගැනීම හරහාය.

අනං මනං වානා - පොහොට්ටුවයි ඕනා

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කවුරු හෝ ආණ්ඩුවේ පාර්ශවය ගැනීම හෝ විපක්ෂය ලෙස කටයුතු කිරීම යනු එක් අතකින් දේශපාලන ගේමකි.

එවැනි ගේම් මෙරට දේශපාලනයේ සාමාන්‍ය දෙයක් වන අතර ඒවා දේශපාලන ගේම් මිස නෛතික කාරණයක් නොවේය. කොහෙත්ම මැතිවරණ කොමිසමට එය අදාලම නැත.

ඊටත් වඩා විපක්ෂයේ වාඩිවී සිටි පමණින් ඒ කිසිවෙකු මෙවර මැතිවරණයේ දී වෙනත් පක්ෂයක නිසි බලධාරියකු හෝ නියෝජිතයකු ලෙස නිල වශයෙන් කටයුතු කරන්නේද නැත. පක්ෂ ව්‍යවස්ථා අනුවම එවැනි කාර්යයක නියලෙන්නද අවස්ථාවක් නැත. ඒ පසුබිමේ ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මේ සිදුකර ඇත්තේ වෙන කාගේවත් දේශපාලන ගේම් වලට නෛතික අනන්‍යතා ලබාදීමට යාමක්ය.

මීඩියා උණ වෛරසය

ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද මහත්තයෝ, මීඩියා උණ වැළඳුනු කළ ජනප්‍රිය වාදයේ ගිලී නැසීම අපේ කාලයේ පණපිටින් මිනිසුන් මැරෙන වෛරසයක් තිබේ. ඔබේ මේ ලිපියෙන් පෙනෙන්න ඇත්තේ ඔබ මාර ස්වාධීන බව පෙන්වීම වෙනුවෙන් මාරාන්තික ලෙස පෙනීසිටින බව පෙන්වීමක් මිස අන් කිසිවක් නොවේ. අනෙක් අතට ඔබට පොදුජන පෙරමුණට අවස්ථාව ලබා නොදීම සිහිපත්වී ඇති නමුත් ද්‍රවිඩ සහ මුස්ලීම් දේශපාලන පක්ෂ සහ වෙනත් පක්ෂ සිහිනොවීම තුළ පෙන්වන්නේ ඔබ අනියමින් පොහොට්ටුවට කඩේ නොගොස් එලිපිටම කඩේ යාමක් සිදුකර ඇති බවය.

එනිසා මේ වැලඳී ඇති රෝගය තේරුම් ගෙන වෙන වෙන අටමගල් නැතුව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති ධුරය දරන්න. කම්මැලි වගේ හිතෙනවා නම් ඉන්දීය මැතිවරණ කොමිසමේ වැඩ කටයුතු බලන්න. ඔවුන් මේ වන විටත් දේශපාලකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයට පත්කර ඇත. එහෙත් ඔබ? ඔබ සිටින්නේ “රූන් පෙත්ත කැරකෙනවා කෝම්පිට්ටු ඉදිවෙනවා” වැනි ගීත ගයන ළදරු අවස්ථාවකය.

(News tube)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණ කොමිසමේ සභාපති : වැඩ පොහොට්ටුවට - මනාපය මහින්දට.
මැතිවරණ කොමිසමේ සභාපති : වැඩ පොහොට්ටුවට - මනාපය මහින්දට.
http://ift.tt/2qjvO9z
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_65.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_65.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy