දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු විනිසුරු සරත් ආබෘගේ හදිසි මරණය - Update
Homeගොසිප්

හිටපු විනිසුරු සරත් ආබෘගේ හදිසි මරණය - Update

PropellerAds

හිටපු විනිසුරු සරත් ආබෘගේ මරණය  අභිරහසක් හිටපු ශේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා ඊයේ සිය නිවසේ සඳලූතලයෙන් බිමට වැටී මියයාම පිළිබඳ සි...

යාපනේ ‘ආවා ගෘප් ‘ එකේ ප්‍රධානියකු දෙහිවලදී මාට්ටු
ටියුෂන් යන බව කියා ගම්පහ හෝල්වල සිටි බාලවයස්කාර යුවළ 24 ක් පොලිසිය අල්ලයි
බංග්ලාදේශය මුල්වරට ටෙස්ට් තරගයකින් ලංකාව පරාජය කරයි


හිටපු විනිසුරු සරත් ආබෘගේ මරණය 
අභිරහසක්


හිටපු ශේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා ඊයේ සිය නිවසේ සඳලූතලයෙන් බිමට වැටී මියයාම පිළිබඳ සිද්ධිය සිය දිවි නසාගැනීමක්ද,තල්ලූ කර මරා දැමීමක්ද, සමබරතාව ගිලිහීයාමෙන් වූ අනතුරක්ද යන්න තවම නිශ්චය කරන්නට අපහසුවූ අභිරහසක් බවට පත්ව තිබේ.
ආබෘ මහතා පදිංචිව සිටි මහල් දෙකකින් යුතු නිවසේ ඔහුගේ බිරිය දියණිය මෙහෙකාරිය සහ දියණියට ඉගැන්වීම් කරන ගුරුවරියක පදිංචිව සිට තිබේ.
සිද්ධිය වූ දිනයේ උදෑසන ආබෘ මහතාට කිසියම් රෝගයකට ආයුර්වේද ප‍්‍රතිකාර ලබාදීම සඳහා
කාලයක සිට ඔහු කැටුව යන කටුබැද්දේ ස්ථානයකට නිවසේ පිරිස ඔහු කැඳවාගෙන ගොස් නැවත පැමිණ තිබුණ බවද වාර්තාවේ.

පසුව ඔහු ඉහළ මාලයේ පිහිටි තම කාමරයට ගොස් ඇත. සිද්ධියෙන් පසුව පොලිසිය කළ නිරීක්ෂණයේදී ඔහුගේ කාමරයේ මත්පැන් බෝතලයක්, සහ වීදුරුවකට වත්කළ මත්පැන් සිගරට් පැකට් ආදියද තිබී හමුවීමෙන් ඔහු උදෑසන කාමරයේදී මත්පැන් පානය කර ඇති බවට සැක පහළවේ.
කාමරයේ ටික වේලාවක් ගත කර පසුව ඔහු සඳලූතලයේ සිට සිය දියණියට බැණ වැදුණ සිද්ධියක්ද වාර්තා විය. නිවසට එන ලියුම් සම්බන්ධයෙන් දියණිය හරියාකාරව ක‍්‍රියා නොකළ බව පවසමින් ඔහු බැණ වැදී ඇති බව වාර්තාවේ. ඔහු බිමට ඇද වැටුණ සිද්ධිය වාර්තාවන්නේ ඉන් ටික වේලාවකට පසුය.

ඔහු මත්පැනට මත්වී ආවේග ශීලීව හැසිරෙද්දී එසේ ඇද වැටුණාද නැතහොත් කෝපයට බිමට පැන්නාද කිසිවෙකු තල්ලූ කරාද යන සැකය තවම පවතී.
ඔහු සඳලූ තලයේ සිට බිමට පතිතවූ ස්ථානය ඉහළ සිට අඩි 16 ක් පමණ පහළ පැවති අතර එතැන සිමෙන්ති ගල් අතුරා සකස්කළ බිමකි. ඇද වැටුණ පසුව ඔහුගේ හිස පොඩිවී අධික ලෙස රුධිරය ගලාගොස් තිබුණි.
නිවසේ සිටි ගුරුවරිය මුල්වී පාරට ගොස් ත‍්‍රීරෝද රියදුරෙකු කැඳවාගෙන ඇවිත් ආබෘ මහතාට අයත් ජීප් රථය ඔහුට පදවන්නට කියා ඇද වැටී සිටි අබෘ මහතාව කළුබෝවිල රෝහලට ගෙන යන්නට කටයුතු කර තිබුනි. අධික රුධිර වහනය නිසා ඔහු රෝහලට එන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි වාර්තා කළා.

ආබෘ මහතාගේ දියණිය මන්ද මානසික රෝගයකින් යුක්ත අයෙකු වන අතර ඇගේ අධ්‍යාපනය සඳහා ගුරුවරියක නිවසේ නතර කර ඉගැන්වීමට කටයුතු කර තිබෙන්නේ කලෙක සිටය. සිද්ධිය අවස්ථාවේ අබෘ මහතා ඉහළ මහළෙන් පැන්න බවට සාක්ෂි ලබාදී ඇත්තේ එම ගුරුවරියයි.

ඇය නිවසේ අයට මුලින්ම සිද්ධිය දැන්වූ බවද වාර්තාවේ. පොලිසිය මෙය කිසිවෙකු තල්ලූ කිරීමෙන් සිදුවූ මරණයක්ද යන්න ගැන පරීක්ෂණ සිදු කරයි. නිවස අසළින් ගමන් ගන්නා පටු පාරක් තිබෙන අතර එහි පැමිණ සඳලූතලයට කිසිවෙකුට පහසුවෙන් නැග ගත හැකි බවටද හෝඩුවාවන් ලබාගෙන ඇත.
සිද්ධිය අවස්ථාවේ පාරේ ආගිය අය ගැන සීසීටීවී දත්ත මේ වනවිට ගොනු කරමින් පවතින බවද පොලිස් ආරංචි හෙළි කළා.

පසුගිය කාලයේ අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් ආබෘ මහතාගේ සියලූ අධිකරණ කටයුතු අත්හිටුවීම නිසා ඔහු මානසික පීඩනයෙන් කල්ගත කරමින් සිටි බවටද සාක්ෂි පවතී. නමුත් සිද්ධිය අවස්ථාවේ ඔහු සියදිවිනසාගැනීමක් කරගත්තාද යන්න ඔප්පු කිරීමට තරම් ප‍්‍රබල සාක්ෂි හමුවී නැත.
හිටපු ශේෂ්ඨාධිකරණ විනිසුරු සරත්ආබෘ මහතා මිය යන විට 63 වියේ පසුවුණා.
ගල්කිස්ස පොලීසිය මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ සිදු කරමින් පවතී.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු විනිසුරු සරත් ආබෘගේ හදිසි මරණය - Update
හිටපු විනිසුරු සරත් ආබෘගේ හදිසි මරණය - Update
http://ift.tt/2aWb1w7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/update.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/update.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy