වංචාවක් සිද්ධ වී ඇති බවත් වංචාව වසා ගැනීම සඳහා අගමැතිතුමා ජාතිය ඇමතූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ ඊය...
වංචාවක් සිද්ධ වී ඇති බවත් වංචාව වසා ගැනීම සඳහා අගමැතිතුමා ජාතිය ඇමතූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ ඊයේ (22) ගාල්ලේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මේ දේශපාලනය අතිශය ලාභ ලබන ව්‍යාපාරයක්. ගම්වල කතා බහ ඉස්සර තිබුණේ කුඩු විකුණන එක තමයි වඩා ලාභ. හැබැයි කුඩු විකුණන එක ලාභ වගේම අවධානම්. කුඩු විකුණ විකුණ ඉන්නකොට පොලීසිය දැක්කොත් වෙව්ලනවා. හැබයි දේශපාලනයේ මන්ත්‍රීතුමා දැක්කම පොලීසිය වෙව්ලනවා. සැලියුට් ගහනවා. ඒ නිසා දේශපාලනය කියන්නේ ගරු කටයුතු මංකොල්ල කෑමක්. අද රටේ ආන්දෝලනයට තුඩු දී තිබෙන දැවැන්තම මංකොල්ලය බැඳුම්කර මංකොල්ලය සිද්ධ වුණේ පෙබරවාරි 27 2015 අවුරුද්දේ. ආණ්ඩුව ජනවාරි 08 දින 50ක් නෑ රටේ ජනතාව සියලුදෙනා මහත් බලාපොරොත්තුවකින් හොරු අල්ලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා මහත් බලාපොරොත්තුවකින් හොරකමක් කරන්න.”
“මන් දැක්කා අමුතු කතාවක්. ජාතිය ඇමතීම. මාරු ජාතිය ඇමතීම. වංචාවක් සිද්ධ වෙලා තියෙනවා වංචාව වසා ගැනීම සදහා ජාතිය අමතන්නත් තියෙනවා. ඉස්සර සාමාන්‍යයෙන් ජාතිය අමතන්නේ මොකටද? රටට වැදගත් පණිවිඩයක් දෙන්න. අද ජාතිය අමතනවා හොරෙක් ආරක්ෂා කරලා ඒක හෙළිදරව් වුණාට පස්සේ හොරකමත්, හොරා රකින්නත්. අපේ රටේ අද සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන්ට අහු වෙච්ච රටක්. අවුරුදු 70ක් අපේ රට මුහුදු මංකොල්ල කාපු කණ්ඩායමකට වගේ අහුවෙලා තියෙනවා. අහුවෙලා කොච්චරද කියනවා නම් ජනතාවට දැන් අහු වෙන බව තේරුනෙත් නැහැ. ඒ තරමට අහු වුණා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS