පාර්ලිමේන්තු ගැටුම ඇති වූ දිනයේදී කථානායකවරයාට පීඩනයක් තිබෙන්නට ඇති බවත් ඇතැම් විට කථානායකවරයා හෙට අනිද්දා වන විට ඉල්ලා අස්වීමට හැකි බවත් ...
පාර්ලිමේන්තු ගැටුම ඇති වූ දිනයේදී කථානායකවරයාට පීඩනයක් තිබෙන්නට ඇති බවත් ඇතැම් විට කථානායකවරයා හෙට අනිද්දා වන විට ඉල්ලා අස්වීමට හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමිනි.
“සැලැස්මක් තියෙනවා. අපි පස් හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා ලොකු ප්‍රසිද්ධියක් දීලා මේ 55දෙනාම අපි ඉවත් කරනවා කියන මතවාද අවසාන සතියේ සමාජගත කරන්න උත්සාහ කරනවා. ඒ ඇතුළේ අයමයි කිව්වේ මෙහෙම වැඩපිළිවෙලක් තියෙනවා කියලා. එදා 2015 ජනවාරි 08 වෙනිදා අපේ මහ ලේකම්ලා දෙන්නා ඉවත් කළා. ලියමනක් ලිව්වා මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බහුතරයක් ගත්තත් අගමැතිකම දෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමන්. ඒ යම්කිසි විදියේ පීඩනයක් අපේ දේශපාලන ධාරාව තුළ ඒකට තිබුණා. ඒ දේම කරන්න නැවත වරක් උත්සාහ කරනවා මේ අවසානයේ. ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වෙනකොට මේ රටේ ජනාධිපතිවරයාට තියෙනවා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න. මාස 18යි තියෙන්නේ. මේ 2020 වෙනකන් අපි ආණ්ඩු කරනවා කියන එක පට්ටපල් බොරු. බය නැති අගමැති කියලා පෝස්ටර් ගහනකොට පෙළක් අය කියනවා ලැජ්ජා බය කියන එක නහරවල් කපලා තියෙන්නේ. හම්බන්තොට වරාය මහ ලොකුවට චෙක් එකක් උස්සගෙන බයිලා නටනවා රටේ අගමැතිවරයා.”
“රජයේ සේවකයන් මන් දන්න විදියට දෙදහස් ගාණක් ගෙනිහිල්ලා තියෙනවා FCID,CID එකට. ඉතාමත්ම දක්ෂ පරිපාලනයක් තිබුණ රටක්, ඔවුන් තීන්දු තීරණ ගන්න බය වුණේ නැහැ. අද ඔවුන් පෑනක් උස්සන්නේ නැහැ.ඉස්සුවොත් උස්සන්නේ එක කමෙන්ට් එකයි ගහන්නේ උපදෙස් පතමි. අන්තිම එක්කෙනාගෙන් ගහනවා උපදෙස් පතමි. ඊළඟ එක්කෙනා ගහනවා උපදෙස් පතමි.අන්තිමට ඇමැති ගාවට යනවා. ඇමැතිගේ මෙසේ තියෙනවා ෆයිල් ගොඩක්. උපදෙස් පතමි කියලා. ඇමතිතුමා ඒකට ගහනවා කරුණාකර මේ සම්බන්ධව වාර්තාවක් දෙන්න. ආයේ එයා ගහනවා උපදෙස් පතමි, උපදෙස් පතමි. වැඩ වෙන්නේ කොහොමද? අගමැතිවරයා අදත් කියනවනේ මමයි ලියමන ඇරියේ ජනාධිපතිට මේ වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න, පාර්ලිමේන්තුව කැඳවන දිනය පවා කියලා එදාට ගේන්න කියනලනේ අගමැතිතුමා කියන්නේ. කතානායකවරයා කියනවා ඒක තවම අපිට ලැබුණේ නැහැ. හැබැයි අගමැතිවරයාට වාර්තාවක් තියෙනවා. අගමැතිවරයා කොළ ගොඩක් තියාගෙන වාර්තාව පටන් ගන්නවා. එතකොට සැලසුම් කළේ අපිද?, කථානායක නොදැන හිටියද? කථානායකට ඔය පීඩනය තියෙන්න ඇති. මන් හිතන්නේ එතුමා හෙට අනිද්දා ඉල්ලා අස්වෙයි. එතුමාට කොන්දක් තියෙනවා කියලා හැමෝම කියනවා. ලැජ්ජත් හිතෙනවා, කණගාටුත් හිතෙනවා, වයසට ගරු කරලා නම්බුකාර විදියට එතුමා ගෙදර යයි කියලා හිතෙනවා.”
COMMENTS