දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
20-20ට ජනපතිගෙන් ඓතිහාසික වැඩක්.
Homeප්‍රවෘත්ති

20-20ට ජනපතිගෙන් ඓතිහාසික වැඩක්.

PropellerAds

දරිද්‍රතාව   ගෝලීය ගැටලුවකි. දරිද්‍රතාව තුරන් කිරීම මේ දශකයේ සපුරාගත යුතු වැදගත් ම ඉලක්කය ලෙස හඳුනා ගැනීමට ලොව පුරා බොහෝ රටවල් එකට එක්වී ස...

නාමල් FCID නිලධාරීන්ට තර්ජනය කල බවට පැමිණිලි.
ඩෙංගු රෝගීන්ගේ සියයට 66ක අඩුවීමක්.
ජාතිවාදය අවුස්සා රට ගිනිතියන එක දැන්වත් නවත්තන්න - ඩිලාන් පෙරේරා
දරිද්‍රතාව ගෝලීය ගැටලුවකි. දරිද්‍රතාව තුරන් කිරීම මේ දශකයේ සපුරාගත යුතු වැදගත් ම ඉලක්කය ලෙස හඳුනා ගැනීමට ලොව පුරා බොහෝ රටවල් එකට එක්වී සිටිති. දරිද්‍රතාව තුරන් කිරීම 2015 ප්‍රකාශයට පත් කෙරුණු තිරසාර සංවර්ධන ඉලක්ක 17න් පළමුවැන්නය. මෙම ගෝලීය අභිමථාර්ථය තුළ අපේ ප්‍රජාවන් සඳහා විශාල වශයෙන් ව්‍යවසායකත්වයන් නිර්මාණය කරමින් තිරසාර ලෙස දරිද්‍රතාව තුරන් කිරීමට ශ්‍රී ලංකාව තමන්ගේ ම මෙහෙවර ආරම්භ කොට ඇත.

ශ්‍රී ලංකාව තුළ ජීවත්වන ජනතාව අතරින් 6.9 % ක් පූර්ණ දුගීභාවයෙන් පෙළෙන බව තහවුරු වී තිබේ. එම ප්‍රතිශතය හඳුනාගැනීම පදනම් වන්නේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 1.25 ක් දෛනිකව ආදායම ලබන්නන් පිළිබඳව විමසා බැලූ කලය. එසේම ඇමරිකානු ඩොලර් 2.5 ක දෛනික ආදායම ලබන ජන ප්‍රතිශතය 33% බව වාර්තා වෙති. ඇමරිකානු ඩොලර් 04 ක දෛනික ආදායමක් ලබන ජන ප්‍රතිශතය 52% බව වාර්තාවන්නේය.

ඉහත කී දත්තයන්ට අනුව වර්තමානයේ පවතින ඩොලර් අගය මත, ශ්‍රී ලාංකික ජනගහනයෙන් 6.9% කගේ සිය මාසික ආදායම වන්නේ රුපියල් 5700 කි. තවත් 33% කගේ මාසික ආදායම වන්නේ රුපියල් 11,400 කි. තවත් 52% කගේ මාසික ආදායම වන්නේ රුපියල් 18,240 කි. රට තුළ දුගීභාවයේ ප්‍රතිශතය අවම වී ඇතැයි සංඛ්‍යා ලේඛනාත්මකව දත්ත මගින් කියවෙන්නේ රට තුළ ජීවත්වන පූර්ණ දුගීභාවයයි. නමුත් ඉහත කී දත්ත මගින් කියවෙන්නේ සාපේක්ෂ දුගීභාවය ද රට තුළ ඉතා ඉහළ අගයක් ගන්නා බවකි. මෙකී තත්ත්වය, රටේ ප්‍රගතිශීලී සංවර්ධනය තුළ කියැවෙන ආර්ථික, සමාජයීය හා සංස්කෘතික ප්‍රගමනයට මෙන්ම මානව අභිමානය පදනම් කොට ගත් පුද්ගල සංවර්ධනය කෙරෙහි ද අභියෝගාත්මක තත්ත්වයක් ඇති කොට තිබෙන බව අවිවාදිතය.



මෙවැනි තත්වයක් තුළ වසර 2020 වන විට ප්‍රජා පාලිත ග්‍රාමයන් පන්දහසක් ඇති කිරීම තුළින් එකී ග්‍රාමයන් තුළ ජීවත් වන ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ද වර්ධනය වන අවශ්‍යතාවයන් ද පුද්ගලයන් ලෙස ද සාමුහිකව ද අත්පත් කරගැනීම ඉලක්ක කරගත් ගම් 5000ක් පුරා විහිදී යන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හෙට (20) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මඟින් අපේම ජනතාවට ලැබෙන ප්‍රතිලාභයන්

  • ශක්තිමත් ජනතා සමාගමක් ග්‍රාමීය මට්ටමින්
  • සියලු ජනතාවගේ සහභාගීත්වයෙන් ගොඩනැගෙන ග්‍රාමීය සංවර්ධන සැලැස්මක්
  • ඒක පුද්ගල ආයෝජනය රු.8000ක් ලෙස ගණනය කළ රාජ්‍ය ආයෝජනයක්
  • යැපුම් මානසිකත්වයෙන් මිදී ව්‍යවසායකත්වය වෙත එළඹීමට විශේෂ පුහුණුවක්
  • ග්‍රාමීය ප්‍රාග්ධනය ශක්තිමත් කරන ග්‍රාමීය ඉතුරුම් ක්‍රමයක්
  • පුද්ගලික අංශයේ නිර්මාණාත්මක මැදිහත්වීම මඟින් දේශීය සහ ගෝලීය සැපයුම් දාමයන් / අගය දාමයන් වෙත සම්බන්ධ වීමට ග්‍රාමීය ක්ෂුද්‍ර සමාගම් වෙත අවස්ථාවක්
  • ගමේදීම තම නිෂ්පාදනයන්ට අගය එකතු කිරීමේදී දැනුම, තාක්ෂණය සහ උපකරණ
  • ව්‍යවසායකත්වය සහ තාක්ෂණ කේන්ද්‍රයක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 20-20ට ජනපතිගෙන් ඓතිහාසික වැඩක්.
20-20ට ජනපතිගෙන් ඓතිහාසික වැඩක්.
http://ift.tt/2yyNmPB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/20-20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/20-20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy