ජනාධිපතිවරයාගේ කඩුව සෙල්ලම් කඩුවක් බවත් හොරුන්ට හොරු අල්ලන්න හැකියාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...
ජනාධිපතිවරයාගේ කඩුව සෙල්ලම් කඩුවක් බවත් හොරුන්ට හොරු අල්ලන්න හැකියාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඊයේ (16) මාලබේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා මෙසේ ද පැවසීය.
“මේ දවස්වල මෛත්‍රීපාල මහත්තයා කියන්නේ මොකක්ද? එයා කියන්නේ මේ දුෂිතයෝ පරද්දන ඕනේ. මේක සුද්ධ කරන්න, පිරිසිදු කරන්න ඕනේ. මගේ කඩුවෙන් කවුරු කැපෙයිද දන්නේ නැහැ කියලා කියනවා. හැබැයි බැලුවම ඒක ඇත්ත කඩුවක් නෙවෙයි. සෙල්ලම් කඩුවක්. කවුරුත් කැපෙන්නේ නැහැ ඉතින්. ඒ අස්සේ අනිත් පැත්තෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා මීට පස්සේ කොන්ත්‍රාත් කරන්න දෙන්නේ නැහැලු. මීට පස්සේ. ඒ කියන්නේ කලින් කළා. වංචාව නවත්තන්න බැහැ වංචාව කරන කෙනාට. දුෂණය නවත්වන්න බැහැ දුෂිතයන්ට. තනි වචනෙන් ගත්තොත් හොරුන්ට හොරු අල්ලන්න බැහැ. මේ දවස්වල ලොකුම කතන්දරේනේ මේ බැඳුම්කර වාර්තාව ගැන.”
“අපිත් කියනවා මේකට දඬුවම් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේක අතේ මාට්ටු වුණ එක්කනේ. රිපෝර්ට් එකේ බඩු තියෙනවා. දැන් මොකද කරන්නේ? ඒක අතේ තියාගෙන හැංගිමුත්තන් කරනවා. ප්‍රසිද්ධියේ අහපු නඩුවක්නේ මේක. ඒකෙ වාර්තා මොකටද හංගන් ඉන්නේ? දැන් ඔය කොමිෂන් එක වගේම බරපතල මුල්‍ය වංචා පිළිබඳ කොමිසම මතකද? පරීක්ෂණ අවසන් කරපු දැන් ෆයිල් 34ක් තියෙනවා. ඒවා රටට මතකත් නැහැ, අපට මතකත් නැහැ, ජනාධිපතිතුමාට මතකත් නැහැ. ඒක යට ගිහිල්ලා. ඒකෙ උඩට වැටිලා බැදුම්කර ෆයිල් එක. දැන් ඕක උඩ තව එකක් ආවොත් ඒකත් යට යයි. ෆයිල්වලින් ෆයිල් යට යනවා. හොරු ටික ලස්සනට ඉන්නවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS