ජාතික නිදහස් පෙරමුණේ කඑතර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික ප්‍රේමලාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිය සහය පළකරමින් ජනාධිපතිතුමා...
ජාතික නිදහස් පෙරමුණේ කඑතර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික ප්‍රේමලාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිය සහය පළකරමින් ජනාධිපතිතුමා සමග එක්විය.
අද (13) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ ප්‍රේමලාල් ෆොන්සේකා මහතා, වංචාව, දූෂණය පිටුදකිමින් පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීමට ජනාධිපතිතුමා ගන්නා වෙහෙස අගය කරමින් ඊට සහය දැක්වීමට තීරණය කළ බව දන්වා සිටියේය.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල ක්‍රියාකරුවෙකු වූ ඒ මහතා එම පක්ෂය පිහිටුවීමෙන් අනතුරුව කඑතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයෙන් පක්ෂ සාමාජිකත්වය ලබාගත් කිහිපදෙනා අතර සිටි ප්‍රමුඛ සාමාජිකයෙකි.
COMMENTS