මෙම වසර තුළ චීනයෙන් ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සැටලයිට් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ. ලංකාවට අමතරව පකිස්ථානය, සවුදි අරාබිය සහ ඊජිප්තුව හ...
මෙම වසර තුළ චීනයෙන් ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සැටලයිට් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ. ලංකාවට අමතරව පකිස්ථානය, සවුදි අරාබිය සහ ඊජිප්තුව හා ඇතැම් ව්‍යාපාරික සමාගම් වෙනුවෙනුත් මෙම සැටලයිට් ලබා දීමට නියමිතය.
සමුද්‍ර නිරීක්ෂණ, කාලගුණ, ජංගම පිරික්සුම්, පෘථිවි නිරීක්ෂණ සහ සන්නිවේදන යන අවශ්‍යතා මෙම සැටලයිට් හරහා ලබා ගැනීමට අපේක්ෂිත සේවාවන් වෙයි.
මෙම රටවල්වලට අමතරව GomSpace, Satellogic, Changguang (Jilin), SpaceTY, Kepler Commuications, SuperView (Ganojing) යන සමාගම් ඇතුළු සමාගම් රැසකට මෙම සැටලයිට් සේවා දියත් වනු ඇත.
මෙම වසරේදී චීනය සිය අභ්‍යවකාශ සැටලයිට් දියත් කිරීමේ සැලසුමක සිටියි. 2017 වසරේදී වැඩිම අභ්‍යවකාශ දියත් කිරීම් සිදු කර ඇත්තේ ඇමෙරිකාව වන අතර ඒ දියත් කිරීම් 29ම සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වී ඇත. රුසියාව සිය දියත් කිරීම් 20න් 19ක් සාර්ථක කාර් ගත් අතර චීනය තෙවැනි තැන පසු විය. මෙම වසරේ එම තත්ත්වයේ වෙනසක් විය හැකි බවට අනාවරණය වි ඇත.
COMMENTS