ප සුගිය දිනවල සමාජයේ මහත් ආන්දෝලනයට ලක්වූ, වන්ද්‍යකරණයට සැත්කම් චෝදනා එල්ල වී සිටිනා වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධ...
පසුගිය දිනවල සමාජයේ මහත් ආන්දෝලනයට ලක්වූ, වන්ද්‍යකරණයට සැත්කම් චෝදනා එල්ල වී සිටිනා වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලීක අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. අත්අඩංගුවට ගෙන රඳවා සිටින සැකකාර වෛද්‍යවරයා මුදාහැරීමට නියෝග කරන ලෙසත් ඔහු රඳවා ගැනීමට පොලිසිය ලබා ගත් නියෝගය අවලංගු කරන ලෙසත් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා තිබේ.
වෘත්තිය නීතිඥයකු වන රෂ්ඩි හබීබ් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අධිකරණයට ගොනු කර තිබේ.
තමා මෙම පෙත්සම ගොනු කළේ වෛද්‍ය ෂාෆි වෙනුවෙන් බවත් තමාට පුද්ගලිකව ලැබුණු සහ ඔහුගේ බිරිඳ ඇතුළු විශ්වාස කටයුතු මාර්ගවලින් ලැබුණු තොරතුරු පදනම් කරගෙන බවත් පෙත්සම්කරු සිය පෙත්සමේ මුලින්ම සඳහන් කර ඇත.
කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පුෂ්පලාල්, කුරුණෑගල පොලිස් ස්ථානාධිපති, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලාල්, රහස් පොලිස් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි ඔබේසේකර, නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් එච්. එස්. කෝට්ටේගොඩ සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

COMMENTS