ශ්‍රී ලංකාවේ වේලාවෙන් බදාදා රාත්‍රී 8.15 ට පමණ බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 3ට පමණ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළ ප්‍රහාරයක් සිදුව තිබෙනවා. වෙඩි...
ශ්‍රී ලංකාවේ වේලාවෙන් බදාදා
රාත්‍රී 8.15 ට පමණ බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 3ට පමණ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළ ප්‍රහාරයක් සිදුව තිබෙනවා. වෙඩි තැබීම් ශබ්ද දිගටම ඇසී තිබෙන අතර පොලිස් නිලධාරියෙකුට පිහියක් අතින් ගත් අයෙකු පිහි ඇනුමක් සිදුකර පළාගොස්ද තිබුණි. සිද්ධිය නිසා එක් කාන්තාවක මියගොස් පොලිස් නිලධාරියා ඇතුළු 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
විශාල පිපිරීම් හඬ ඇසෙන බවට දේශපාලනඥයින් මෙන්ම ජනමාධ්‍යවේදීන් ද ට්විටර් ඔස්සේ වාර්තා කර තිබුණි.
පසුව සිදු කළ සොයා බැලීමේදී පාර්ලිමේන්තුව අසළ පාලම අසළට මෝටර් රථයකින් පැමිණි අයෙකු එයින් බැස විත් මෙම පිහි ඇනුම් කළ බවට එක් සාක්සියක් ලැබී ඇත. වෙඩි තැබුවේ කවුද යන්න ගැන තවම හඳුනාගෙන නැත.
සිද්ධිය අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ රැඳී සිටින සේවකයින්ට ඉන් පිටතට නොඑන ලෙස උපදෙස් දුන් පසුව ටික වේලාවකින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ආරක්ෂිතව පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත් කර තිබේ.
මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස පොලිසිය හඳුනාගෙන ඇති අතර බ්‍රිතාන්‍යය සමග දිගු කලක් ගරිල්ලා යුද්ධයක නිරතවූ IRA සංවිධානයේ ප්‍රබල නායකයෙකු පසුගිය සතියේ ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අවදානමක් ඇතැයි ඔත්තු සේවා ආරංචි සපයා තිබුණ බවද වාර්තා විය.

COMMENTS