වමේ පැත්තක්, වමේ භූමියක්, වමේ අඩවියක් ලෙස නම් දරා තිබූ මහරගම අද වනවිට එම නාමකරණයෙන් මිදී සීග්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන උගත් බුද්ධිමත් දැන...
වමේ පැත්තක්, වමේ භූමියක්, වමේ අඩවියක් ලෙස නම් දරා තිබූ මහරගම අද වනවිට එම නාමකරණයෙන් මිදී සීග්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන උගත් බුද්ධිමත් දැනුවත් මිනිසුන් පිරිසක් සිටින පුරවරයක් බවට පත්ව තිබෙන බව මෙවර මහරගම නගර සභා එජාප අපේක්ෂක ධනුෂ්ක රාමනායක මහතා පවසයි.
වංචාව රජයන, දූෂණය රජයන, හොරමැරකම් රජයන, ඒ තුළ ජීවිකාව ගොඩනගා ගන්නා, ඒ තුළ තමන්ගේ බඩවියත රැකගන්නා දේශපාලඥයන් කොටසක් රැකීම හෝ ගොඩනැගීම තම අරමුණ නොවන බව රාමනායක මහතා සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ, සිය මැතිවරණ ව්‍යාපාරයේ 07 වන ජන හමුව ඊයේ(24) වත්තේගෙදර මිල්ලගහවත්ත පාරේ පිහිටි ප්‍රියන්ත මහතාගේ නිවසේ පවත්වමිනි.
පළාත් පාලන මැතිවරණය පුංචි ඡන්දයක් ලෙස හැඳින්වුවද මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට රට පුරා අපේක්ෂකයන් 54,000 කට වැඩි පිරිසක් ඉදිරිපත්ව සිටින බවත්, ඉන් 45% ක් පමණ තරුණ ප්‍රජාව නියෝජනය කරමින් ඉදිරියට පැමිණි තරුණ පිරිසක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.
එහිදී ජනහමුව ඇමතූ රාමනායක මහතා,
“සමාජයේ අදහසක් තිබෙනවා බුද්ධිමතුන් උගතුන් මේ දේශපාලන පොරපිටියට, මඩගොහොරුවට එන්නෙ නෑ කියල. අපි හැමෝම එහෙම හිතල කිසිවක් නොකර බලාගෙන හිටියොත් අනාගතයේදී මේ රට පාලනය කරන්නේ කිසිදු අධ්‍යාපනයක්, දැනුමක් නොමැති, කිසිදු වැඩක් නිසියාකාරව කරගත නොහැකි මිනිසුන් පිරිසක්. ඒ නිසා අපි රට එවැනි තත්ත්වයකට යාමට ඉඩ නොදී සංවර්ධිත රටක් කරා ගෙනයාමේ පෙරමුණ ගතයුතුයි.
ගම හදන්න පාට පක්ෂ භේදයකින් තොරව ගමේ ඉන්න ගම් වැසියාත්, පළාත් පාලන ආයතනවල ඉහළ නිලධාරියාගේ සිට සුළු සේවකයා දක්වාත්, දේශපාලකයන් සහ අපේක්ෂක අපේක්ෂිකාවනුත් එකමුතුව වැඩකළ යුතුයි. පිල් වලට බෙදී ගහමරාගෙන පවතින ජරාජීර්ණ ක්‍රියාවලියේම නිරතවන්නේ නම් ගමේ සංවර්ධනයක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකියි.“
COMMENTS