මැතිවරණයේ ආරක්ෂක කටයුතු සදහා පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව යොදා ගැනිමට අවධානය යොමුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති...
මැතිවරණයේ ආරක්ෂක කටයුතු සදහා පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව යොදා ගැනිමට අවධානය යොමුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පිළිබඳ දකුණු පළාත් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට ඊයේ (07) එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අවශ්‍ය වුණොත් අපි දැනට සාකච්ජා කරලා තියෙනවා පොලිස්පතිතුමාගේ ඉල්ලීමයි, අපියි එකඟ වෙලා තියෙනවා. විශේෂ කාර්ය බලකායේ සහය ජන්දෙට ලබා ගන්න. අවශ්‍ය ස්ථානවලදී ත්‍රිවිධ හමුදාවේ සහය. ආරක්ෂණ කටයුතු වලට විතරයි. යුද්ධයක් නම් ආමි එක. යුද්ධයේ පටන් ගත්තොත් අපි ආමි එක එක්කන් එන්නම්. මේක පොලීසියටයි, අපිටයි බේරගන්න පුළුවන්. මේක ජනතාවගේ ජන්දේ. තවම ප්‍රයිවට් සෙක්ට් එකට රටේ ආරක්ෂාව දීලා නැහැ. තැපෑල වර්ජනය කළොත් අපිට මොකද කරන්න පුළුවන්? අපි හිතනවා ඒගොල්ලෝ වර්ජනයක් කරන්නේ නැහැ කියලා.”
“නමුත් වර්ජනයක් කළොත් අපිට ජන්දේ තියන්න වෙනවා. අපි තැපැල් ජන්ද නිකුත් කරනවා. අපි ගැසට් නිවේදනයක් ගහලා බාධා ඉවත් කිරීමේ ගැසට් නිවේදනයක්. අපි දිනේ වෙන් කර ගත්තා ගැසට් එකේ. ගැසට් නිවේදනය හෙට ගහනවා. ජන්ද විමසීම සඳහා යම් අත්‍යවශ්‍ය සේවාවකට බාධා පැමිණුනොත් ඒවා වෙනත් රාජ්‍ය ආයතනයක් ලව්වා ඉටු කරවා ගැනීමට මැතිවරණ කොමිසම් සභාව ක්‍රියා කරනු ලැබේ. අපි සීලෙන්වත් කාටවත් වරදක් කරන්න හිතාගෙන නෙවෙයි මේ නීති වැඩ කරන්නේ. හාවා ගෙනල්ලා වලහා කරන පොලීසිය නෙවෙයිනේ. අපි වලහා ඕනේ නම් වලහා ගේන පොලීසිය. ඒක නිසා ඔබට දැන් නීතිය ක්‍රියත්මක කරන්න පුළුවන්.”යැයිද වැඩිදුරටත් පැවසීය.
COMMENTS