ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කල අනුර විජේපාල නම් පුද්ගලයා මේ වන...
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කල අනුර විජේපාල නම් පුද්ගලයා මේ වන විට රාජකාරි කරන්නේ අරලියගහ මන්දිරයේ කාර්යාල කාමරයක් තුල බව ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවා ඇති දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ ආධ්‍යක්‍ෂ තනතුර ඔහු විසින් දරනු ලබන බවත් ඒ මහතා කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාද යහපාලන ආණ්ඩුව විසින් රට පාලනය කිරීම සදහා කැබිනට් මණ්ඩලයටත් ඉහලින් පිහිටුවා ඇති ජාතික විධායක සභාවේ සාමාජිකයෙක් වන බවත් හොරු ඇල්ලීම වෙනුවෙන් පිහිටුවා ඇති දුෂණ දුෂණ මර්ධන කමිටුව යටත් පිහිටුවා ඇති හදිසි වැටලිම් ඒකකයේ ප‍්‍රධානියා බවද මුසම්මිල් මහතා කිවේය.
මොණරාගලදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
COMMENTS