දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ අවසන් තරඟය ද? : ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කරන ලකුණු [Exclusive]
Homeගොසිප්

මේ අවසන් තරඟය ද? : ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කරන ලකුණු [Exclusive]

PropellerAds

එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය විසින් සිය ලෝක උරුම ලයිස්තුව තුල ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක්ද නම්කර තිබීම මෙරට සංචාරක සහ ජාත්‍යන්තර වශ...

අර්ජුන්ගේ අත්සන ඇති 5000 නෝට්ටු අවලංගු කරන්නැයි ඉල්ලමින් ඒකාබද්ධය අධිකරණයට
Michelle Dilhara's Unusual Birthday at Cinnamon Grand
චන්ද්‍රිකා මරන්න ආපු බෝම්බයෙන් යංතමින් දිවි ගලවාගත් දෙරණේ නිවුස් ලොක්කා


එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය විසින් සිය ලෝක උරුම ලයිස්තුව තුල ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක්ද නම්කර තිබීම මෙරට සංචාරක සහ ජාත්‍යන්තර වශයෙන් වැඩි අවදානයක් යොමුවීමට හේතු වී ඇති බව නොරහසකි.

එම ලෝක උරුම අතරින් "ගාල්ල කොටුව" සුවිශේෂී ස්ථානයක් හිමිකරගනු ලබන තර එය ගාල්ල නගරය ආසන්නයේ පිහිටි දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත දිනාගත් සොදුරු සංචාරක ඉසව්වක් බවට පත්ව හමාරය. මේ අතර ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බවද Info Sri Lanka News වෙත වාර්තා වේ. 

ඒ අනුව අප එහි වැඩි විස්තර සොයා බැලීමට ක්‍රියා කළෙමු.

ගාලු කොටුව සහ ඒ ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශය ගාලු උරුමය පදනම යටතේ පවතින අතර ගාලු රුමය පදනම වත්මනයේදී තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ, සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයට ගැසට් මගින් පවරාදී ඇත. 

ඒ අනුව ගාලු උරුමය පදනම විසින් ගාලු කොටුව සංරක්ෂණය කර මතුපරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම පිලිබඳ වැඩසටහන් රැසක් ගෙනයන අතර ඊට පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්විය. එනම් පසුගිය ජුනි මස 24 වැනිදා ගාලු කොටුව සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාර පරිශ්‍රයේ පවතී ගාලු කොටුව සංවර්ධන සැලැස්ම පිලිබඳ සාකච්ඡාවටයි. 

ආයතන 14ක් කොටුවෙන් ඉවතට

එම අවස්ථාවට අදාළ විෂය භාර අමාත්‍යවරයා ඇතුළු ගාලු ප්‍රදේශයේ මැතිඇමතිවරුන් සියලුදෙනා පාහේ සහභාගී වී සිටිනු දක්නට ලැබිණි. එහිදී ගාලු කොටුව තුල පවතින රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය  ආයතන 14 ක් ගාලු කොටුව පරිශ්‍රයෙන් ඉවත්කිරීම පිළිබඳව සාකච්ජා කෙරිණි.

අග්‍රාමාත්‍යවරයා සහ සෙසු අමාත්‍යවරුන් සිදුකල කරුණු පැහැදිලි කිරීම් හමුවේ එම ආයතන ගාලු කොටුව පරිශ්‍රයේ තව දුරටත් පවත්වාගෙන යාම අවශ්‍ය නොවන බව වැටහී ගිය අතර ඒ සඳහා තෝරාගත් ගාල්ල අවට සුදුසු ස්ථාන ලබාදීමට වැඩසටහනක් සකස්කර ඇති බවද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එහිදී සඳහන්කර ඇත.

ක්‍රිකට් ක්‍රීඩාංගනයත් ඉවතට?

එම ආයතන 14 හැරුනුකොට ගාලු කොටුව පරිශ්‍රයෙන් බැහැර ලෝක උරුම ආරක්‍ෂිත ප්‍රදේශයට අයත් මීටර් 400 ක භූමි ප්‍රමාණය තුල පවතින අනවසර ඉදිකිරීම් ඉවත්කලයුතු බවද එහිදී සාකච්ජා වී ඇත. ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත්කිරීමට අවශ්‍ය බවත් නොඑසේ නම් එය ගාලු කොටුව ලෝක උරුමයට බාධාවක් බවද එහිදී අනාවරණය වී ඇත. 

මිට අමතරව රාජ්‍ය සහ පෞද්ගලික තවත් ආයතන සහ ඉදිකිරීම් කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ජා වී ඇත. මෙම ඉදිකිරීම් කඩිනමින් වෙනත් ස්ථානවෙත ගෙන යායුතු බව එහිදී වැඩිදුරටත් සාකච්ජා වී ඇත.

ආණ්ඩුවත් හොරෙන් ගහලා

මෙම විමසා බැලීම් තුලදී අනාවරණය වී ඇත්තේ ගාලු කොටුව ආසන්නයේ පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේදී කිසිදු අවසරයක් ගෙන නොමැති බවත් එවකට පැවතී රජය, සිය රාජ්‍ය බලය යොදවා ඉදිකිරිම තුලින් මේ වනවිට මෙම තත්වය උදාවී ඇති බවයි. 

කරුණු කෙසේ උවද අප කල සොයාබැලීමේදී පැහැදිලි වූයේ ගාලු කොටුව සහ ඊට අයත් භූමි තුල යම් ඉදිකිරීමක් සිදුකිරීමේදී ගාලු කොටුව පදනම මගින් නිසි අවසරය ලබාගත යුතු බවයි. ඊට අමතරව ගාල්ල මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයකින්ම අවසර ගත යුතු බවතයි. 

එසේ අවසර නොගෙන ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි සහ ඉදිකිරීම් ඉවත්කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගනු ලබන පියවර මොනවද යන්න ලිඛිතව යුනෙස්කෝ සංවිධානය වෙත දැක්විය යුතුව පවතින බවත් එය 2019 වර්ෂයේ දෙසැම්බර් මසට පෙර සමස්ත වැඩසටහන පිලිබඳ පුළුල් සම්පුර්ණ වාර්තාවක් යැවිය යුතු බවද සඳහන් වේ. 

ඒ කාලය තුල ගාලු කොටුව ආශ්‍රිත අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම් සිදුකිරීම පිලිබඳ ප්‍රායෝගික වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ලක් රජයට නොහැකි උවහොත් ගාලු යුනෙස්කෝ සංවිධානය විසින් ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවදානමකට ලක්ව ඇති බව අපට දැනගන්නට ලැබිණි.

අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ක්‍රීඩා අමාත්‍ය, ෆයිසර් මුස්තාෆා සහ රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය ජූලි මස 03 වැනිදා මේ පිලිබඳ තවත් සාකච්ජාවක් පවත්වා ඇති අතර එහිදී සාකච්ජා වී ඇත්තේ යුනෙස්කෝ ලෝක උරුම විදිවිධානයන්ට අනුව ගාලු කොටුව පවත්වාගැනීම සඳහා අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම පිළිබඳවයි. 

ඇමති එකඟයි!

එහිදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත්කිරීම පිලිබඳ වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඊට යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවද වැඩිදුරටත් අප වෙත වාර්තා වේ.

[විශේෂ වාර්තාකරුවෙක් විසිණි]

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ අවසන් තරඟය ද? : ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කරන ලකුණු [Exclusive]
මේ අවසන් තරඟය ද? : ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කරන ලකුණු [Exclusive]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNMV7KgLMhgvr7EX_kFg9aQ80OSyRtsu1qXrSStoi06IuaQLcJcqiXQF3y-j6VY6pT8OYfkD-U60XXP3DBfXDBIt4gmWP7t1vLSV2RSjyf04LPPGTbwy_rYlar-Gs4vtiQJBJ2yrNbK3g/s1600/5a2b4-1500904226-800.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNMV7KgLMhgvr7EX_kFg9aQ80OSyRtsu1qXrSStoi06IuaQLcJcqiXQF3y-j6VY6pT8OYfkD-U60XXP3DBfXDBIt4gmWP7t1vLSV2RSjyf04LPPGTbwy_rYlar-Gs4vtiQJBJ2yrNbK3g/s72-c/5a2b4-1500904226-800.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/exclusive.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/exclusive.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy