දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හම්බන්තොට වරායේ ව්‍යාපෘතියේ ආයෝජනය කළ එකම දේශිය සමාගම දොට්ට?
Homeප්‍රවෘත්ති

හම්බන්තොට වරායේ ව්‍යාපෘතියේ ආයෝජනය කළ එකම දේශිය සමාගම දොට්ට?

PropellerAds

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය යටතේ ඉදිකරමින් පවතින දකුණු ආසියාවේ විශාලතම LPG ආනයන හා අපනයන පර්යන්තයේ වැඩ කටයුතු හදිසියේම නවතා දමන ලෙස ලාෆ්ස් ස...

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් අද (LIVE UPDATE)
දිවුරුම් දෙන මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට
අගමැති ධුරයෙන් ඉල්ලා අස් වුණ හේතුව මහින්ද කියයි
හම්බන්තොට වරායේ ව්‍යාපෘතියේ ආයෝජනය කළ එකම දේශිය සමාගම දොට්ට?

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය යටතේ ඉදිකරමින් පවතින දකුණු ආසියාවේ විශාලතම LPG ආනයන හා අපනයන පර්යන්තයේ වැඩ කටයුතු හදිසියේම නවතා දමන ලෙස ලාෆ්ස් සමාගමට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ලබන අප්‍රේල් 28 දින විවෘත කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ මේ වන විට සියයට 80ක වැඩ කටයුතු අවසන් කර තිබේ. හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අදාලව දේශීය ආයෝජකයෙකු විසින් සිදුකරන එකම ව්‍යාපෘතියද මෙය වේ.

හම්බන්තොට වරාය හා සම්බන්ධ පළමු මෙන්ම දැවැන්තම ආයෝජනය ලෙසින් හැඳින්විය හැකි අතර මේ සඳහා වන සම්පූර්ණ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 80 ඉක්මවනු ලබයි.

හම්බන්තොට වරයා චීන සමාගමට පවරා දීමටත් පෙර සිටම 2016 වසරේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබූ අතර ඊට අදාලව ශ්‍රී ලංකා රජය සමග දේශීය සමාගමක් වන ලාෆ්ස් සමාගම අතර ගිවිසුම් අත්සන් කර තිබිණි.

නමුත් වරාය අධිකාරියේ පරිපාලනය විසින් ලාෆ්ස් සමාගමට මේවන විට දන්වා ඇත්තේ ලාෆ්ස් LPG පර්යන්ත ව්‍යාපෘතියට අදාල ගිවිසුම අවලංගු කර නව ගිවිසුමක් අත්සන් කරන ලෙසයි.

එහිදී ලාෆ්ස් සමාගම ප්‍රකාශ කර ඇත්තේ මේවන විට චීන සමාගම සහ ශ්‍රී ලංකා රජය අත්සන් කර ඇති ගිවිසුම් අනුව නව ගිවිසුමක් අත්සන් කළ හැකිය යන්නයි. නමුත් වරාය අධිකාරිය ශ්‍රී ලංකා රජය සහ චීන සමාගම අත්සන් කළ එම ගිවිසුම ලබා දීමට අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මේවන විටත් අදාල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සියයට 80ක් නිම කර ඇති අතර මේවන විට නල එලීමේ කටයුතු සිදු කරයි. වරාය අධිකාරියේ සභාපතිවරයාගේ අනුදැනුම මත හම්බන්තොට වරාය භාර නිලධාරියා විසින් එම නල එලීමේ කටයුතුද නවතා දමන ලෙස ලාෆ්ස් සමාගම දන්වා ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් හම්බන්තොට වරායේ ලාෆ්ස් LPG පර්යන්ත ව්‍යාපෘතිය විවෘත කිරීමේ කටයුතු අතරමග නවතා දැමීමට සිදුවනු ඇති බව වාර්තා වේ.

හම්බන්තොට LPG ව්‍යාපෘතියෙන් ලාෆ්ස් දොට්ට?

දේශීය ආයෝජකයින් පවසන්නේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියෙන් දේශීය ව්‍යාපාරිකයින් ඉවත් කිරීමේ සැලසුමක් පවතින බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීමට වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා අප සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් උත්සාය කළද එම උත්සාහය ව්‍යර්ථ විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීමට ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතාද සම්බන්ධ කර ගැනීමට උත්සාය කළද එයද ව්‍යර්ථ විය.

මෙහිදී ඉදිකෙරෙනු ලබන ලාෆ්ස් LPG පර්යන්තය, ගබඩා කිරීමේ ධාරිතාවය අනුව දකුණු ආසියාවේ විශාලතම LPG ආනයන හා අපනයන පර්යන්තයක් වනු ඇත.

ලොව විශාලතම නාවුක ගමන් මාර්ගයක හම්බන්තොට වරාය පිහිටා තිබෙන අතර ලොව ඉතා වේගයෙන් වර්ධනය වන LPG වෙළෙඳපොළවල් වන ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය, නැගෙනහිර හා දකුණු ආප්‍රිකානු කලාපය ආසන්නයෙන්ද හම්බන්තොට වරාය පිහිටා තිබීම උපක්‍රමශීලී ලෙස අපට විශාල වාසි රැසක් අත්පත් කර ගත හැකියි. මෙම ව්‍යාපෘතිය හරහා හම්බන්තොට ප්‍රදේශය ආශ්‍රිතව නව රැකියා විශාල ප්‍රමාණයක් බිහිවෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හම්බන්තොට වරායේ ව්‍යාපෘතියේ ආයෝජනය කළ එකම දේශිය සමාගම දොට්ට?
හම්බන්තොට වරායේ ව්‍යාපෘතියේ ආයෝජනය කළ එකම දේශිය සමාගම දොට්ට?
http://ift.tt/2mbQFXH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_186.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_186.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy