දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දක්‍ෂිණ අධිවේගයේ පස්‌වලින් දේශපාලකයින් දෙදෙනකුට ඉල්ලමක්‌
Homeගොසිප්

දක්‍ෂිණ අධිවේගයේ පස්‌වලින් දේශපාලකයින් දෙදෙනකුට ඉල්ලමක්‌

PropellerAds

දක්‍ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමට පස්‌ කියුබ් පන්ලක්‍ෂයක්‌ කැපීමේ ව්‍යාපෘතිය මහා පරිමාණ ජාවාරමක්‌ බවට පත්ව ඇතැයි ඉහළ පෙළේ විමර්ශනයකින් අන...

ජනාධිපති කොමිෂන් වාර්තාවේ 34 න් 32ක්ම පොහොට්ටුවේ උදවිය.
අල්ලස් නඩුවකට රවී කරුණානායකට සිතාසි.
“නැටුවේ අපේ පදයකට, දෙවෙනි වටයට යවන්න පුළුවන්” : සියතේ අරවින්ද කියයි.
දක්‍ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමට පස්‌ කියුබ් පන්ලක්‍ෂයක්‌ කැපීමේ ව්‍යාපෘතිය මහා පරිමාණ ජාවාරමක්‌ බවට පත්ව ඇතැයි ඉහළ පෙළේ විමර්ශනයකින් අනාවරණයවී තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් හම්බන්තොට, වලව විශේෂිත කලාපයේ අක්‌කර 671 ක්‌ මේ වන විට වෙන් කර ඇති අතර මෙම ඉඩම් මැනුම් කර වෙන්කර ඇත්තේ විධිමත් පටිපාටියකින් තොරව යෑයිද විමර්ශනයේදී
හෙළි වී ඇත. මෙම ඉඩම් අක්‌කර 671 පස්‌ කැපීම සඳහා පුද්ගලයන් 29 දෙනකුට පවරා තිබේ. පස්‌ කැපීම සඳහා බලය පැවරීමේදී දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල දේශපාලකයන් දෙදෙනකු සම්බන්ධ බවටද තොරතුරු ලැබී ඇත.

එලෙස දේශපාලන හිතවත්කම් මත පස්‌ කැපීම සඳහා බලය ලබාගත් පුද්ගලයන්
තමන්ට නියමිත අක්‌කර අටක භූමිය අක්‌කර දහතුන දක්‌වා ව්‍යාප්ත කර ගනිමින් පස්‌ කියුබ් 117570 ක්‌ අනවසරයෙන් ඉවත් කරගෙන ඇත. තවත් පුද්ගලයෙක්‌ තමන්ට නියමිතව තිබූ අක්‌කර අට අක්‌කර දහඅටක්‌ දක්‌වා ව්‍යාප්ත කර ගනිමින් පස්‌ කියුබ් 58487 ක්‌ අනවසරයෙන් ඉවත් කරගෙන තිබේ.

මෙලෙස පස්‌ ඉවත් කිරීමේ දී කියුබ් එකක්‌ සඳහා මහවැලි අධිකාරියට රුපියල් 560 ක්‌ බැගින් ගෙවිය යුතු වන අතර ඉහත දෙදෙනා අනවසරයෙන් ඉවත් කර ඇති පස්‌ කියුබ් සඳහා අයවිය යුතු මුදල රුපියල් කෝටි දහයකට ආසන්නය. මේ වන තෙක්‌ එම මුදල් අයකර ගැනීමට කටයුතු කර නැත.

පරිසර හානිය අවම කරමින් පස්‌ කැපීමේ කාර්යය නියමිත පරිදි සිදුවන්නේ නම් මහවැලි අධිකාරියට රුපියල් කෝටි විසිඅටක ආදායමක්‌ උපයා ගැනීමට හැකි වන බව විමර්ශන වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර පස්‌ කැපීමට බලපත්‍ර ලබාදීමට අදාළව නාගරික සංවර්ධන අධිකාරිය ද පරස්‌පර ස්‌ථාවරයක්‌ ගෙන ඇත. පස්‌ ඉවත් කිරීම සඳහා වෙන්කර ඇති අක්‌කර අටක භූමි කොටසක්‌ අලි කළමනාකරණ කලාපය තුළ පිහිටා ඇති නිසා ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබා ගත යුතු බවට නාගරික සංවර්ධන අධිකාරිය භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට පසුගිය 2015 වසරේ ඔක්‌තෝබර් මස 23 වැනි දාතමින් ලිපියක්‌ නිකුත් කර ඇති අතර ඉන්පසුව එම වසරේ දෙසැම්බර් මස 3 වැනි දාතමින් එම කාර්යාංශයට නාගරික සංවර්ධන අධිකාරිය යවා ඇති ලිපියේ එම කොන්දේසිය ඉවත් කර තිබේ.

නිලන්ත මදුරාවල (divaina)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දක්‍ෂිණ අධිවේගයේ පස්‌වලින් දේශපාලකයින් දෙදෙනකුට ඉල්ලමක්‌
දක්‍ෂිණ අධිවේගයේ පස්‌වලින් දේශපාලකයින් දෙදෙනකුට ඉල්ලමක්‌
http://ift.tt/2nkHeEV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_874.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_874.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy