අද ආණ්ඩුව තුළම ආණ්ඩුවට බැන ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා මෙස...
අද ආණ්ඩුව තුළම ආණ්ඩුවට බැන ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“දැන් තමුන්නාන්සේලාට බය වෙන්න දෙයක් නැහැනේ. බාර් එක 10 වෙනකන් ඇරලා. අපිට සංස්කෘතියක් තියෙනවනේ. අපි කාන්තාවට සලකන්නේ අපේ මෑණියන්ට. ඒ ගරුත්වය අපිට තියෙනවා. ඒ ගරුත්වය තියෙන කාන්තාව අද මොකද කරලා තියෙන්නේ? ,බාර් එකට තල්ලු කරලා. දැන් ඔය පාර කියාවි බාර් එකේ බඩු බෙදනකොට, විකුණන්න රස්සාවට ගන්න කොට කියයි කොටට ඇඳගෙන එන්න කියලා. ඉතාම සැලසුම් සහගතව මේ රටේ සංස්කෘතික විනාශ කිරීමේ වැඩපිළිවෙල NGO කාරයින් ජයග්‍රහණය කරපු තරම්, අවුරුදු ගණනාවක් ඒ කාන්තාවට තිබිච්ච තැන නැති කරන්න මේ රටේ ඒ තත්ත්වයකට ගෙනල්ලා ඇදලා දාලා තියෙනවා. රෑ 10 වෙනකන් බාර් එකේ වැඩ කරන කාන්තාවගේ අනාගතය මොකක්ද කියන එක අපිට හිතන්න පුළුවන්. ඒ හින්දා මේවා පිළිබඳව අවබෝධයක් කර ගන්න ඕනේ. හැම බද්දකම තියෙන්නේ යටි අරමුණක්.”
“ඒක හින්දා රනිල් වික්‍රමසිංහ වේවා, අපේ ජනාධිපතිතුමා දැන් කියනවා මන් අහගෙන හිටියා මන් කිව්වයි කියලා ඔන්න ඔහේ හෙමින් හෙමින් කරාට කමක් නැහැ කියලා. මම ඉතින් හෙමින් හෙමින් කරන ජාතියේ මිනිහෙක් නෙවෙයි. ඔය වරදගෙන. මන් කියන්නේ මෙයා කියන ඒවාට. ඒ හින්දා සහෝදරවරුනි, ඒ නිසා මේ වගේ බොරු කයිවාරු, කටින් බතල කොළ ඉන්දනවයි කියන්නේ. ඒ වගේ වැඩක් තමයි. හැමදාම අරක කියනවා. මේක කියනවා. ඒවා කියලා ඉවර වෙලා කරන වැඩක් නැහැ. ජනතාව බඩගින්නේ. මේකේ ඩාන්ස් කරනකොටත් ටිකක් පරිස්සමෙන් ඩාන්ස් කරන්න වෙලා තියෙන්නේ. කොහොම වුණත් අද තියෙන තත්වේ මොකක්ද? අද ආණ්ඩුව තුළම ආණ්ඩුවට බැන ගන්නවා. රනිල්ට කියනවා උබ හොරා කියලා. අනිත් එක්කෙනා ඇගිල්ල දික් කරලා කියනවා ජනාධිපතිතුමා හොරා කියලා. ජනාධිපතිතුමා කියනවා අපි හොරුයි කියලා. හැබැයි ඉතින් කොයි එක කළත් කරුණාකරලා මේ ජනතාවට මේ දුක දෙන්න එපා.”යැයිද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වීය.
COMMENTS