දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කරෙන් වූ අලාභය අයකරගැනීමට කඩිනම් පියවර.
Homeගොසිප්

බැඳුම්කරෙන් වූ අලාභය අයකරගැනීමට කඩිනම් පියවර.

PropellerAds

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට අදාළ නඩු පැවරීම් සහ රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සඳහා ගතයුතු කඩිනම් කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පක...

රතුපස්වල ජලය ඉල්ලූවන්ගේ මරණ ඝාතන ලෙස ප්‍රකාශ කෙරේ - පැත්තක සිටි 3 දෙනා මැරුණ හැටි
දයාසිරි හා කිත්සිරි ජයසේකර පවුලේ වැඩිමල් සොහොයුරු මියයයි
Miss Lanka 2016

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට අදාළ නඩු පැවරීම් සහ රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සඳහා ගතයුතු කඩිනම් කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් ජනපති ප්‍රධානත්වයෙන් අද(29) පෙරවරුවේ ජනපති කාර්යාලයේදී පැවැත්විනි.

ඊට අදාළව මේ වන විට කි‍්‍රයාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

කොමිසමේ නිර්දේශවලට අනුව එහි ඉදිරි පියවර සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය සහ පවතින අණ පනත්වල සංශෝධනවලට අදාළව කෙටුම්පත් මේ වන විට සකසමින් පවතින බව ද මෙහිදී සඳහන් කෙරිණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසන් සභා පනත 1994 සිට මේ දක්වා සංශෝධනය වී නොමැති අතර ඊට අදාළ නීති කෙටුම්පත් සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින අතර, එය ඉදිරි සති කිහිපය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කෙරිණි.

කොමිසන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශී‍්‍ර ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම්වලට අදාළව ද නව සැලැස්මක් මේ වන විට සකස් කරමින් පවතින බව මහබැංකු අධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

මහබැංකු බැඳුම්කර වාර්තාවේ පිටු අඩුවීමක් සිදුව ඇති බවට පළවන අදහස් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කරමින් නිලධාරින් පෙන්වා දුන් එහි පිටු අඩුවීමක් සිදුව නොමැති අතර, ඊට අදාළව අනු ලිපි ලේඛණ විශාල ප‍්‍රමාණයක් පවතින බවත්, ඒ අතර අදාළ නඩු කටයුතු කි‍්‍රයාත්මක වන තුරු රහස්‍ය භාවය ආරක්ෂා කළයුතු ලිපි ලේඛන පවතින බැවින් ඒවායේ රහස්‍ය භාවය සුරැකීමට සිදුව ඇති බවත්ය.

අදාළ පුද්ගලයන්ට නඩු පැවරීම, රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සහ කොමිසමේ සියලු නිර්දේශ අඛණ්ඩව, කාර්යක්ෂමව, ප‍්‍රමාදයකින් තොරව කි‍්‍රයාත්මකවීම පිළිබඳව ජනාධිපති ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් අදාළ අංශ ප‍්‍රධානින් සතියකට වරක් ප‍්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරනු ලබන බව ද මෙහිදී සඳහන් කෙරිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කරෙන් වූ අලාභය අයකරගැනීමට කඩිනම් පියවර.
බැඳුම්කරෙන් වූ අලාභය අයකරගැනීමට කඩිනම් පියවර.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidAeNzd7oRZPINgzO-DloPOUVyi1fQDN631FlbgdF_Rq090NmCwefgbcTZZK5TqVTKoL0pcB-lU72oVaP35kE2wD9GHHQJZq4zEUSixIZ4g7GLhG1_bPjEV7Gu0DZjr5bnxqY7Y1wPrsa5/s1600/01-2e.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidAeNzd7oRZPINgzO-DloPOUVyi1fQDN631FlbgdF_Rq090NmCwefgbcTZZK5TqVTKoL0pcB-lU72oVaP35kE2wD9GHHQJZq4zEUSixIZ4g7GLhG1_bPjEV7Gu0DZjr5bnxqY7Y1wPrsa5/s72-c/01-2e.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_140.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_140.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy