එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ට විරුද්ධව කරන ප්‍රකාශවලට දැඩි විරෝධය පළ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16) පැවැත...
එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ට විරුද්ධව කරන ප්‍රකාශවලට දැඩි විරෝධය පළ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16) පැවැති කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තාවේ.
එසේ නැගිට යාමට පෙර ජනාධිපතිවරයා ඇමැතිවරුන් හමුවේ දීර්ඝ කථාවක් ද කර තිබේ.
ඊයේ පැවැති කැබිනට් රැස්වීම ආරම්භයේ දීම කැසට් රෙකෝඩරයක්ද රැගෙන රැස්වීමට පැමිණි ජනපති සිරිසේන මහතා තමන් විසින් අද කරනු ලබන ප්‍රකාශයට කැමති අය මෙන්ම අකමැති අයද සිටිය හැකි නමුත් තමන් මෙම ප්‍රකාශය කරන බවත් පවසා ඇත.
විනාඩි 35ක කාලයක් දැඩි ස්වරයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා එජාපයේ හරීන් ප්‍රනාන්දු, එස්.එම්.මරික්කාර්, නලින් බණ්ඩාර හා සුජීව සේනසිංහ වැනි ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ගේ නම් සඳහන් කරමින් දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.
තමා බැඳුම්කර කොමිසම පත්කළේ එජාපයට මඩ ගැසීමට නොව හොරුන්ට දඬුවම් කිරීමට බව පවසා ඇති ජනපතිවරයා හොරුන්ට දඬුවම් දෙනවාට විරුද්ධ ද නැද්ද යනුවෙන් විමසා ඇත.
රවී කරුණානායක මුදල් ඇමැති ධූරයටත් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයටත් පත් කිරීමේදී තමා දැඩි විරෝධය පළ කළ බව කී ජනපති සිරිසේන මහතා එදා තමන් කී දේ ඇසුවානම් අද මෙවැනි අර්බුදයක් ඇතිනොවන බවද පවසා ඇත.
මේ ආකාරයට ආණ්ඩු කළ නොහැකි බව කී ජනපති සිරිසේන මහතා ආණ්ඩුව කරගෙන යනවාද නැද්ද යන්න එජාප මැති ඇමැතිවරුන් තීරණය කළ යුතු බවද කියා සිටිමින් රැස්වීමෙන් පිටව ගිය බවද වාර්තාවේ.
අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනකු ජනපති කාර්යාලයට ගොස් මෙවැන්නක් ඉදිරියට ඇතිවීමට ඉඩ නොතබන බව කියමින් ජනපතිවරයා නැවත කැබිනට් රැස්වීමට කැඳවාගෙන පැමිණ ඇතැයි වාර්තා වේ.
COMMENTS