ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 කින් අවසන් විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇතැයි ජනාධිපත...
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 කින් අවසන් විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇතැයි ජනාධිපති ලේකම්වරයා පවසයි.
තම ධූර කාලය වසර පහක්ද එසේත් නැත්නම් වසර හයක් ද යන්න තීරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය ජනාධිපතිවරයා වෙත පසුගියදා යොමු කර තිබිණි.
මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය සිදු කරන ලද්දේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.
COMMENTS