දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුදු පිළිමයක් වැඩම කරද්දී TNA මන්ත්‍රීවරයෙකුගේ හා තවත් දේශපාලනඥයින් පිරිසකගේ විරෝධයක් (PHOTOS)
Homeප්‍රවෘත්ති

බුදු පිළිමයක් වැඩම කරද්දී TNA මන්ත්‍රීවරයෙකුගේ හා තවත් දේශපාලනඥයින් පිරිසකගේ විරෝධයක් (PHOTOS)

PropellerAds

බෞද්ධ භික්ෂුවක් හා දායක පිරිසක් විසින් මුලතිව් ප්‍රදේශයට බුදු පිළිමයක් වැඩම කරද්දී ඊට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු හා තවත් දේශපාලනඥය...

සිම්බාවේ සිට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම්! කාන්තා ක‍්‍රිකට් පිල සිම්බාවේ සිරවේ!
ගණිකා වෘත්තීය නීතිගත කරයි? ආණ්ඩුවේ මන්ත්‍රීවරියන් දෙන්නෙකුත් එකඟයි! ජවිපෙත් එකඟයි (VIDEO)
'වාහන බලපත‍්‍ර ඕනෑමයි' - පසුපෙල මන්ත‍්‍රීන් යලිත් ඉල්ලති!
බුදු පිළිමයක් වැඩම කරද්දී TNA මන්ත්‍රීවරයෙකුගේ හා තවත් දේශපාලනඥයින් පිරිසකගේ විරෝධයක් (PHOTOS)

බෞද්ධ භික්ෂුවක් හා දායක පිරිසක් විසින් මුලතිව් ප්‍රදේශයට බුදු පිළිමයක් වැඩම කරද්දී ඊට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු හා තවත් දේශපාලනඥයින් පිරිසක් ඊයේ (04) විරෝධය දැක්වීම නිසා බුදු පිළිමයේ ආරක්ෂාව සදහා එය මුලතිව් පොලීසියට බාර දීමට සිදුව තිබේ.

මුලතිව් කුරුන්දූඌර් කන්ද ආශ්‍රිතව ගම්මාන කීපයක පදිංචි වැසියෝ බුදු මැදුරක් තනා එහි තැන්පත් කිරීමට වාහනයකින් බුදු පිළිමයක් රැගෙන යමින් සිටි අවස්ථාවේදී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.

භික්ෂුවක් හා පිරිසක් වාහනයකින් බුදු පිළිමයක් රැගෙන යනු දුටු ගම්මාන වල වැසියෝ ඒ පිළිබදව උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ටී.රවිහරන් මහතාට දැනුම් දීමත් සමගම ඔහු පිරිසක් සමග පැමිණ වාහන ගමන් කළ මාර්ගය අහුරා බුදු පිළිමය රැගෙන යමින් සිටි පිරිස සමහ බහින් බස් වී තිබේ.

මුලතිව් පළාතේ අදාල ගම්මානයේ පදිංචිව සිටින පිරිස වෙනුවෙන් බුදු මැදුරක් ඉදි කිරීම පිණිස මෙම පිළිමය රැගෙන යන බව භික්ෂූන් වහන්සේ හා දායක පිරිස කියා සිටියත් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ඊට ඉඩ දී නොමැත.

මේ අවස්ථාවේදී එම ස්ථානයේ පැය කීපයක දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගැණුණි.මන්ත්‍රීවරයා භික්ෂුව ඇතුළු පිරිසට බැණ වදිමින් බුදු පිළිමයද රැගෙන ආපසු යන මෙන් තර්ජනය කොට තිබේ.

භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ඔවුන් වීස්න් කරන්නට යන දේ පිළිබදව කොතරම් විස්තර කළත් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස එය පිළි ගැනීමට අකැමැති වීමෙන් විශාල රණ්ඩුවක් මේ ස්ථානයේ ඇති වීම නිසා පොලීසිය කැදවීමට සිදුව ඇත.

උදා වී ඇති ගැටළු සහගත තත්ත්වය නිමාවට පත්වන තුරු බුදු පිලිමය පොලීසිය බාරයට පත් කිරීමට සිදුව තිබේ.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුදු පිළිමයක් වැඩම කරද්දී TNA මන්ත්‍රීවරයෙකුගේ හා තවත් දේශපාලනඥයින් පිරිසකගේ විරෝධයක් (PHOTOS)
බුදු පිළිමයක් වැඩම කරද්දී TNA මන්ත්‍රීවරයෙකුගේ හා තවත් දේශපාලනඥයින් පිරිසකගේ විරෝධයක් (PHOTOS)
http://am.lk/media/k2/items/cache/eeb8aabde377240bf2c32506199e288e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/tna-photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/tna-photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy