ජනාධිපතිතුමන්ට දැනටමත් භාරදී ඇති ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවේ ඇති නිර්දේශවලට අනුව ජනාධිපතිතුමන් විසින් එය අධිකරණ ක්‍රියාවලියකට යොමු ...
ජනාධිපතිතුමන්ට දැනටමත් භාරදී ඇති ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවේ ඇති නිර්දේශවලට අනුව ජනාධිපතිතුමන් විසින් එය අධිකරණ ක්‍රියාවලියකට යොමු කරනු ඇතැයි එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (31 දා) පැවැසීය.
එය ස්‌වාධීන ජනාධිපති කොමිෂමක් නිසා ගතයුතු ඉදිරි නීතිමය පියවර ගැන කොමිසමේ වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි තමා සිතන බවත් ඒ අනුව ජනාධිපතිතුමා ඉදිරි පියවර ගනු ඇති බවත් මහින්ද අමරවීර මහතා කීවේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදුන් ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර ඇමැතිවරයා මේ බව කීවේය.
ජනාධිපති බැඳුම්කර කොමිෂන් වාර්තාව පෙරේදා (30 දා) දවල් එම කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගන්වන ලදි. මේ අවස්‌ථාවට කොමිසමේ සාමාජිකයින් ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමි යන මහත්වරු සහ කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා මෙන්ම ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතාද සහභාගි වී සිටියහ.
මෙම කොමිෂන් වාර්තාවේ සඳහන් නිර්දේශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කොමිසමේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයන් සමඟ වාර්තාව භාර ගැනීමෙන් පසු සාකච්ඡා කර ඇති බවද දැනගන්නට ඇත.
මහ බැංකුවේ ප්‍රශ්නගත භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුන් පිළිබඳව පරීක්‍ෂා කිරීම සඳහා ගිය වසරේ (2017) ජනවාරි 27 වැනිදා මේ කොමිසම පත්කරන ලද අතර කොමිසමේ කටයුතුවලට අවශ්‍ය කාලය ප්‍රමාණවත් නොවීම නිසා සිව්වතාවක් ජනාධිපතිවරයා විසින් කොමිසමේ කාලය දීර්ඝ කර දෙන ලදි.
කොමිසමේ සාක්‌ෂි විභාගය වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතාගෙන් ආරම්භවී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අවසන් විය. කොමිසමට සාක්‌ෂි ලබා ගැනීම සඳහා රජයේ ප්‍රබල අමාත්‍යවරුන් වන රවි කරුණානායක, මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන්ද කැඳවා තිබූ අතර ඔවුහු පිළිවෙළින් එක්‌සත් ජාතික පක්‍ෂයේ උප නායක, සභාපති සහ මහලේකම් වෙති. මීට අමතරව මහ බැංකුවේ නිලධාරීන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ නිලධාරීන් විද්වතුන් මහ බැංකුවේ මුදල් මණ්‌ඩල සාමාජිකයන් රජයේ විගණකාධිපතිවරයා ඇතුළු සාක්‌ෂිකරුවන් විශාල පිරිසක් කොමිසම හමුවේ සාක්‌ෂි දීමට කැඳවා තිබිණි.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු යෑයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් මහතාට ද මේ කොමිසම හමුවේ සාක්‌ෂි දීමට බල නොකිරීමට කොමිසම තීරණය කිරීම ද සුවිශේෂී සිද්ධියක් විය.
COMMENTS