දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පවුල් ආරවුල විසඳන්න නිවසකට ගිය පොලිසියට රන් කහවුණු බිස්නස් එකක් මාට්ටු වෙලා
Homeගොසිප්

පවුල් ආරවුල විසඳන්න නිවසකට ගිය පොලිසියට රන් කහවුණු බිස්නස් එකක් මාට්ටු වෙලා

PropellerAds

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විසඳීමට ගිය අවස්ථාවේ එම නිවෙසේ හිමිකරු විසින් නිෂ්පාදනය කළ බවට සැකකරන ව්‍යාජ රන් කහවණු (මරංචි...

ජනපති නිවස හාමුදුරුවන් සමග එක්ව වටලා කුඩු කරන බවට 119 ට ඇමතුමක්
ගීතාගේ ඇත්ත දුව සහ බොරු දුව
මටත් පරණ එකේ කෑලි ඕන කියා ඉඩම් ඇමති ගයන්ත ප්‍රෙස් එකයි ෆිල්ම් කෝර්ප් එකයි ඉල්ලයි

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විසඳීමට ගිය අවස්ථාවේ එම නිවෙසේ හිමිකරු විසින් නිෂ්පාදනය කළ බවට සැකකරන ව්‍යාජ රන් කහවණු (මරංචි) තොගයක් සමඟ නිවෙස් හිමියා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරියකු හා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව
අනුරාධපුර පුල්ලෙයාර් හන්දිය ප්‍රදේශයේ නිවෙසක තිබී රන්පැහැ ගැන්වූ කරවිල ඇට හැඩයෙන් යුතු යකඩ කැබැලි
ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ බිරිය විසින් සැමියා අඩන්තේට්ටම් සිදුකරන බවට අනුරාධපුර ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර ඇය විසින්ම සැමියා ව්‍යාජ රන් කහවණු නිපදවන බව පොලිස් නිලධාරීන්ට ඔත්තුව ලබාදුන් බව වැටලීම සිදුකළ පොලිසිය පැවැසුවේය. පොලිස් නිලධාරීන් නිවෙසට ගිය අවස්ථාවේ මේසයක් මත රන් පැහැ තීන්ත ආලේප කළ පත්තර කොළ කැබැල්ලක් තිබෙන අයුරු දැක නිවෙස සෝදිසියට ලක් කළ අවස්ථාවේ භාවිතයට ගත් රන්පැහැ තීන්ත ස්ප්‍රේ ටින් තුනක් සොයා ගත් බව පොලිසිය පැවැසුවේය.

පසුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ රන් කහවණු නිෂ්පාදනයට භාවිත කළ කුඩා යකඩ අච්චුවක් සමඟ කරවිල ඇටයට සමාන හැඩයෙන් යුතු රන්පැහැ යකඩ කැබලි ග්‍රෑම් 200ක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ව්‍යාජ රන් කහවණු ලබාදී පුද්ගලයන් මුළා කිරීමේ කණ්ඩායම් සමඟ සම්බන්ධකම් පවත්වන බව පොලිසිය තහවුරු කරගෙන ඇත.

සැකකරු පෙරේදා (31දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත. සැකකරු සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පවුල් ආරවුල විසඳන්න නිවසකට ගිය පොලිසියට රන් කහවුණු බිස්නස් එකක් මාට්ටු වෙලා
පවුල් ආරවුල විසඳන්න නිවසකට ගිය පොලිසියට රන් කහවුණු බිස්නස් එකක් මාට්ටු වෙලා
http://ift.tt/2hJi8jo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_95.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_95.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy