මීට පෙර වාර්තා වී තිබුණේ එම ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාවද්‍ය කරුණු කියාපෑම නිසා රවී කරුණානායක මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපර...
මීට පෙර වාර්තා වී තිබුණේ එම ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාවද්‍ය කරුණු කියාපෑම නිසා රවී කරුණානායක මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ චෝදනා නැගීමට නියමිත බවකි.
කෙසේ නමුත් පසුගියදා (22) කොටහේන ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ රැළියකදී රවී කරුණානායක මහතා කියා සිටියේ මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ අන්තර්ගතය විකෘති කර ඇති බවයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ කබීර් හෂීම් මහතා ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියට ගොස් ප්‍රකාශ ලබාදුන්නේ සද්භාවයෙන් බවත්, එසේ වුවත් කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගත වන එම ප්‍රකාශ, ලබාදුන් ප්‍රකාශවලට පටහැණි බවත් ඔහු එහිදී පවසා තිබිණි.
තව නොබෝ වේලාවකින් පාර්ලිමේන්තුවේදී කරන විශේෂ ප්‍රකාශය මගින් රවී කරුණානායක මහතා මේ පිළිබඳ වැඩිදුර අනාවරණයක් සිදුකිරීමට නියමිත ය.
-අමාලි ජයවීර
COMMENTS