දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවශේෂ වනාන්තර දේශපාලන හෙංචයියියන්ට.. අධිරාජ්‍යවාදීන් කළ විනාශයට නඩා විනාශයක් මධ්‍යම කඳුකරයට….
Homeප්‍රවෘත්ති

අවශේෂ වනාන්තර දේශපාලන හෙංචයියියන්ට.. අධිරාජ්‍යවාදීන් කළ විනාශයට නඩා විනාශයක් මධ්‍යම කඳුකරයට….

PropellerAds

රටේ ජෛව විවිධත්වයෙන් 30% ක් රැදී තියෙන්නේ 5/2001 චක්‍ර ලේඛනය මගින් ආරක්ෂා කරපු අවශේෂ වනන්තර වලිනුයි. රටේ හදවත මධ්‍යම පළාතයි. අවශේෂ වනාන්තර ...

බේරූට් පිපිරීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළට !
මරණ දඬුවමට නියම වූ ප්‍රේමලාල්ට රත්නපුර දිස්තික්කයේ දෙවන තැන !
කලුතරින් රාජිත සහ වෙල්ගම මන්ත්‍රී ධුර ජයගනිති - පොහොට්ටුවේ වැඩිම මනාප විදුරට
රටේ ජෛව විවිධත්වයෙන් 30% ක් රැදී තියෙන්නේ 5/2001 චක්‍ර ලේඛනය මගින් ආරක්ෂා කරපු අවශේෂ වනන්තර වලිනුයි. රටේ හදවත මධ්‍යම පළාතයි. අවශේෂ වනාන්තර සමාගම්වලට වාණිජ්‍ය වගාවන් සඳහා ලබාදීමට රජය කටයුතු කරමින් සිටිනවා. මාතලේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1802 විනාශ වෙනවා. මධ්‍යම පළාතේ විතරයක් හෙක්ටයාර් 22,668 ක් විනාශ වෙනවා.
මේකට මාතලේ ඇමති ජනක බණ්ඩාරත් කැබිනට් එකේ අත උස්සලා තියෙනවා. රටේ හදවත, මධ්‍යම කඳුකරය මෙහෙම විනාශ කරාම රටක් ඉතුරුවෙන්නේ නෑ යැයි මාතලේ දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

එදා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ගෙනාපු 5/2001 චක්‍ර ලේඛනය නිසා මේ රටේ වන විනාශය සීමා කරන්න පුළුවන් වුණා. අවශේෂ වනාන්තර රැක ගැනීම ගැන ලියපු ලේඛනවල මධ්‍යම කඳුකරය රැක ගැනීමේ වැදගත්කම දක්වා තියෙනවා. 2005 බලයට පත් වූ රාජපක්ෂ ආණ්ඩුව නැවත මේ අවශේෂ වනාන්තර සමාගම්වලට දෙන්න හැදුවත් ජනතා විරෝධය නිසා එය නැවතුණා. ගස්-පස් ආණ්ඩුව සෞභාග්‍යය කරා යන්නට හදන්නේ කැලෑ ටික විකුණලා යැයි ද කවිරත්න මහත්මිය පැවසු.

දැන් මේ ආණ්ඩුව තමන්ගේ හෙංචයියන්ට කැලෑ ටික කපාගන්න, කඩොලාන ටික විනාශ කරන්න, කැලෑ ගිණිතියලා ගස්ටික කපා ගන්න ඉඩ ලබාදී තිබෙනවා. මාතලේ අවශේෂ කැලෑ විතරක් නෙවෙයි විල්ගමුව, ලග්ගල, රත්තොට, නකල්ස් රක්ෂිත කපා කපා දමමින් තිබෙනවා. අවශේෂ වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරු යටතට පත් කිරීම අතිශයින් විනාශකාරී වෙනවා. මහ පොළොව නුහුලන අපරාධයක්.

මේ විදිහටම 1998–2000 යුගයේ මාතලේ කැලෑ කැපු හැටි ඔබට මතක ඇති. එදා, සංජීව කවිරත්න ඇතුළු පිරිස් එයට විරුද්ධ වෙලා, මේ අවශේෂ කැලෑ රැකගන්න දැවැන්ත වැඩපිළිවෙලක් ගෙන ගියා. එහි ප්‍රතිඑලයක් ලෙස එදා හිටපු සුමන බණ්ඩාර බැද්දෙවෙල ඉඩම් කොමසාරිස් 2000 අප්‍රේල් 28 දින 2000/03 දරණ චක්‍ර ලේඛනය මගින් ‘‘ඉඩම් සංවර්ධන ආඥා පනතේ දන්වා ඇති උපදෙස් අනුව කටයුතු කර ඉඩම් කච්චේරි පැවැත්වීම සඳහා අවසාන වශයෙන් ඉඩම් කොමසාරිස්වරයාගේ අවසරය ලබා ගත යුතු බවට වන ක්‍රියාවලිය අනුගමනය කළ යුතු බව‘ නිවේදනය කළා. මුළු රටේම පරිසරවේදීන් ලබපු දැවැන්තම ජයග්‍රහනයක් තමයි ඒක.

ඊට පස්සේ එදා තිබුණු එජාප ආණ්ඩුව 5/2001 චක්‍ර ලේඛනය 2001 අගෝස්තු 10 දින අවශේෂ කැලෑ රැකීම අනිවාර් ය වුණා. ඒ සති අන්තයේ රටේ ම පරිසර වේදීන් නකල්ස් ඇවිත් 2001 අගෝස්තු මාසේ අන්තිමට දැවැන්ත සැමරුමක් කලා.

ලංකාවේ තියෙන පාරිසරික කැලෑ වන සංරක්ෂණ, වනජීවි සංරක්ෂණ, ප්‍රාදේශීය ලේකම්වරු යටතේ පාලනය වෙනවා. මේ ආපසු හරවන්නේ, ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ තිබූ ඒ වනාන්තර රැක ගැනීම සඳහා එදා ගත්ත ප්‍රගතිශීලි තීරණය යි. විනාශ කරන්න හදන්නේ එදා පරිසර වේදීන් ලැබූ ජයග්‍රහනය යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

2006 දී එදා හිටපු වන සම්පත් හ පරිසර අමාත්‍යාංශයේ ලේකම් එන්.පත්මනාදන් ගේ ලියුමකින් මේ අවශේෂ කැලෑ කපන්න එදා ආණ්ඩුව උත්සහ ගත්ත හැටි මට මතකයි. “නොවටිනා වශයෙන් පවත්නා කැලෑ ඉඩම් නැවත ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිදහස් කිරීම පිණිස‘‘ එදා ගෙනව යෝජනාව ජනතාවගේ විරෝධය නිසා අකුල ගන්න වුණා. මාතලේ ඉන්න වැඩි දෙනෙක් පොහොට්ටුවට ඡන්දය දුන්න අය. ඔබලා ඡන්දේ දුන්නේ මාතලේ කැලෑ ටික කපන්න නෙවෙයි. මාතලේ කාටවත් තව අවුරුදු පහකින් මාතලේට කාන්තාරයක් වෙනවා දකින්න ඕනි නෑ. මධ්‍යම පළාතේ හෙක්ටාර් 22,668 ක් වානිජ්‍ය වගාවන්ට දුන්නාම, කොටස් කරලා බෙදලා දුන්නාම මේක කාන්තාරයක් නොවෙන්නේ කොහොමද?

මාතලේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු හතරක් ඉන්නවා. මාතලේ පරිසර විනාශය වලක්වන්න ඒ අයට පුළුවන්. හෙක්ටාර 1802 ක් මාතලේ කැලෑව බේරා ගන්න ඒ අයටත් බලපෑම් කරන්න. මධ්‍යම පළාතේ හැම දෙනාම මධ්‍යම කඳුකරය රැකගන්න එක් විය යුතුයි.

පරිසරය විනාශ කිරීම මාතලේට විතරක් බලපාන කාරණයක් නෙවෙයි. රටටම, ලෝකයට බලපාන කාරණයක්. මධ්‍යම පළාතේ වනාන්තර ටික විනාශ වුනොත් එකේ පිඩනය රටටම දැනෙන එක වලක්වන්න බෑ. ලංකාවේ වැඩිම පරිසර සංවිධාන තියෙන්නේ මධ්‍යම පළාතේ යි. පරිසරය රැක ගැනීම නොකලොත් රටම, ලෝකයම විනාශයි යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

– media unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවශේෂ වනාන්තර දේශපාලන හෙංචයියියන්ට.. අධිරාජ්‍යවාදීන් කළ විනාශයට නඩා විනාශයක් මධ්‍යම කඳුකරයට….
අවශේෂ වනාන්තර දේශපාලන හෙංචයියියන්ට.. අධිරාජ්‍යවාදීන් කළ විනාශයට නඩා විනාශයක් මධ්‍යම කඳුකරයට….
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaUeOG9MHKrqp6HJ8-7Mke4OjQ9PyMYiaAgP9sIB01dUH8m8qPoUykGqjbK2ucgFmYMsGcxjlPN5lHdtUJ0N19o9kTydEOQ7dlGJMRVaoX6tUN203eTWS1Voui0zR8BvDAvBqq1Nvo6fc/s320/rohini-kavirathna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaUeOG9MHKrqp6HJ8-7Mke4OjQ9PyMYiaAgP9sIB01dUH8m8qPoUykGqjbK2ucgFmYMsGcxjlPN5lHdtUJ0N19o9kTydEOQ7dlGJMRVaoX6tUN203eTWS1Voui0zR8BvDAvBqq1Nvo6fc/s72-c/rohini-kavirathna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_177.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_177.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy