දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර හා බරපතල වංචා පිළිබඳ විවාදය ජනවාරි 06
Homeප්‍රවෘත්ති

බැඳුම්කර හා බරපතල වංචා පිළිබඳ විවාදය ජනවාරි 06

PropellerAds

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම) අද (2018.01.30) දහවල් 12ට ගරු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්ව...

යහපාලන ආණ්ඩුවේ දූෂණ වංචා සෙවීමට ජනපති මෛත්‍රී විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරයි
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්න - මැතිවරණ කොමිසමෙන් ජනපතිට- අගමැතිට ලිපියක්
කෝටි හයක හෙරොයින් කඩුවෙලින් අල්ලයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම) අද (2018.01.30) දහවල් 12ට ගරු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක ගරු තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජනය කරන ඒ ඒ පක්ෂ නියෝජිතයන් වන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල. අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ යන මහත්වරු සහභාගී වූහ. ඊට අමතරව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. සුමන්තිරන් මහතා ද සහභාගී විය. මෙම අවස්ථාවට ගරු කථානායකතුමාගේ විශේෂ ඇරයුම පරිදි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සෙසු සමාජිකයන් දෙදෙනා වන ජනාධිපති නීතිඥ නලින් ජයන්ත අබේසේකර, මහාචාර්ය සැමුවෙල් රත්නජීව සහ මහත්වරු සහ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් යන මහත්වරුද එක් වූහ. එළඹෙන පෙබරවාරි 08 දින පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පලකර ඇති අදහස් සහ එහිදී ඇති විය හැකි ප්‍රයෝගික තත්වයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී ඇති කරුණු කෙරෙහි රැස්වීමේ මූලික අවධානය යොමු විය. මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වරයා ඇතුළු කොමිෂන් සභාව විසින් සාධාරණ නීතිගරුක මැතිවරණයක් පැවැත්වීම සඳහා ගෙන ඇති පියවර අගය කල කථානායක කරු ජයසුරිය මහතා පෙන්වා දුන්නේ ඔවුන් විසින් සාර්ථක අන්දමින් ඉටුකරමින් පවතින මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලියට බාධා නොවන ලෙස තීරණ ගැනීම සුඳුසු වන බැවින්, හැකියාවක් තිබේ නම් පෙබරවාරී 08 වන දාට පෙර දිනයක පාර්ලිමේන්තුව කැදවීම සඳහා සලකා බැලීම සුදුසු බවයි. පක්ෂ නායක රුස්වීමට එක් වූ බහුතර පිරිසද එය අනුමත කරමින් අදහස් දැක්වූහ. අනතුරුව මෙම කරුණු පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ද මතය විමසා සිටි අතර, එතුමන් දන්වා සිටියේ පෙබරවාරී 06 දින පාර්ලිමේන්තුව රැස්කිරිම යෝග්‍යවනු ඇති බවයි. ඒ අනුව ස්ථාවර නියෝග 14 යටතේ, එදින පාර්ලිමේන්තුව කැඳවන ලෙස ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් කථානායකතුමන්ගෙන් නිල වශයෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව පෙබරවාරි මස 06 දින පෙ.ව. 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන අතර, එහිදී බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙනු ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර හා බරපතල වංචා පිළිබඳ විවාදය ජනවාරි 06
බැඳුම්කර හා බරපතල වංචා පිළිබඳ විවාදය ජනවාරි 06
http://sinhala.dailyceylon.com/wp-content/uploads/2018/01/image_1495787586-c07ea23853.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/06_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/06_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy