2015 – 2018 කාලය තුළ යහපාලන ආණ්ඩුව තුළ සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ජනාධිපති...
2015 – 2018 කාලය තුළ යහපාලන ආණ්ඩුව තුළ සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
විශේෂයෙන් 2015 සිට 2018 වර්ෂයන්හි යහපාලන ආණ්ඩුව තුළ සිදුවූ සියලු දූෂණ වංචා පිළිබඳ මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මගින් විමර්ශණයට ලක් කිරීමට නියමිතය.
එම කොමිෂන් සභාවේ නිලධාරී මණ්ඩලය ඇතුළත් කර එම කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේ ගැසට් පත්‍රයද මේවන විට නිකුත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසී ය.
COMMENTS