කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පෙරේදා (14) පැවති ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් ඇගයීමේ උත්සවයකදී එහි ප්‍රධාන ආරාධිතයා ලෙස විෂය භාර අමාත්...
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පෙරේදා (14) පැවති ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් ඇගයීමේ උත්සවයකදී එහි ප්‍රධාන ආරාධිතයා ලෙස විෂය භාර අමාත්‍ය රංජිත් සියබලාපිටිය මහතා පැමිණෙන විට විදුලිබල සේවකයන් සිය ආසනවලින් නොනැගිට විරෝධය පළ කර ඇත.
ඒ සිය වෛද්‍ය හා ප්‍රසාද දීමනා කප්පාදු කිරීමට එරෙහිවයි.
වසර 30කට අධික කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ සේවකයන් ඇගයීමේදී දීර්ඝ සේවා තිලිණ ප්‍රධාන උත්සවය මෙලෙස පැවතිණි.
උත්සවය ආරම්භ වීමට පෙර එම ස්ථානයට පැමිණි ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ඇතුළු වෘත්තීය සමිති සාමාජිකයන් පිරිසක් එහි අසුන්ගෙන සිටි පිරිස අමතනු ලැබ ඇත.
පසුව උතසව සභාවට අමාත්‍යවරයා පැමිණෙන අවස්ථාවේදී විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සාමාජිකයන් පමණක් අසුන්වලින් නැගිට ආචාර කල අතර විදුලිබල මණ්ඩල සේවකයින් කිසිවෙක් අසුන්වලින් නැගිට නැත.
පසුව ජාතික ගීය ගයන අවස්ථාවේදී පමණක් සියලුදෙනා නැගී සිටින ආකාරය දැකගත හැකි විය.
COMMENTS