ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන රුසියාව ශ‍්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට අදාළව තාවකාලිකව තහනමක් පනවා ඇත. ඒ පිළිබඳ කරුණු පැහැදිල...
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන රුසියාව ශ‍්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට අදාළව තාවකාලිකව තහනමක් පනවා ඇත.
ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා අමාත්‍යවරුන් වන නවීන් දිසානායක සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ නියෝජිත කණ්ඩායමක් ඊයේ (18) රාති‍්‍රයේ රුසියාව බලා පිටත්කර යවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවිය වෙත මෙලෙස අදහස් දැක්වීය.
“ඊයේ (18) දින සිට තාවකාලික තහනමක් පනවලා තිබෙනවා ශ්‍රී ලංකාවෙන් තේ රුසියාවට අපනයනය කිරීම වළක්වමින්. ඒකට මූලික හේතුව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවෙන් රුසියාවට එවන ලද තේ කිලෝ ග්‍රෑම් 18,000 ක කන්ටේනරයක මේ රටේ ඒ කන්ටේනරය පරීක්ෂණයට ලක් කරද්දී හොයාගෙන තියෙනවා කුරුමිණියෙක්. මේ කුරුමිණියගේ නම තමයි කප්රා බීට්ල් කියන කුරුමිණියා. එතකොට මේ කුරුමිණියගෙන් ඉතා විශාල හානියක් මේ රටට වෙලා තියෙනවා මීට අවුරුදු 15කට වඩා ඉහතදී රූබල් මිලියන 500ක වගේ හානියක් වෙලා තියෙනවා.”
“ඒ නිසා ඒගොල්ලෝ ඇත්තටම මේ තාවකාලික තහනම පනවලා තියෙනවා. දැන් මේ හා සම්බන්ධව සාකච්ජා කරලා, ඉදිරියට මේ වගේ තවදුරටත් අපේ ලංකාවේ කෘෂිකාර්මික සෙටිවිකට් නිකුත් කරනකොට සහතික පත්‍ර නිකුත් කරනකොට මීට වඩා සැලකිල්ලෙන් ඒ වැඩ කරන්න කියලා ඒගොල්ලෝ ඉල්ලනවා. මේ හා සම්බන්ධ සාකච්ජා පවත්වන්න දැන් ලංකාවේ නිලධාරීන් ගණනාවකගෙන් යුතු කට්ටියක් මෙහෙට පැමිණෙනවා ලබන සුමානේ. එතකොට මම හිතනවා මේ සාකච්ජා වලින් පස්සේ මේ ප්‍රශ්නය ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත අපිට බේරගන්න පුළුවන් වෙයි කියලා. මේ තහනම ඉවත් කරන්න රුසියානු සමුහාණ්ඩුව කටයුතු කරයි කියලා අපි කල්පනා කරනවා.”යැයිද වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කරන තේ බහාලුමක තිබී හමු වූ කෘමියා ශ්‍රී ලංකාවේ තේ වගාවේ හෝ වෙනත් කෘෂි වගාවක මෙතෙක් වාර්තා වී නොමැති කෘමියෙක් බව ශ්‍රී ලංකා තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපති වෛද්‍ය එම්.එම්.ජේ.බී. ගවරම්මාන මහතා පවසයි.
එහෙයින් ලංකාවේ තේ ගොවියා හෝ සෙසු බෝග වගාකරුවන් ඒ සම්බන්ධව බිය ඇති කර ගත යුතු නොමැති බවත් ඔහු ඊයේ (18) පැවසීය.
ශ්‍රී ලංකාවේ සිට රුසියාවට අපනයනය කරන ලද තේ තොගයක් ඇතුළත් බහලුමක තිබී “කප්රා බීට්ල්” (ප්‍රගෝඩමා ගානේරියන්) නැමති කෘමියාගේ සුහුඹුලකු හමු වීමේ සිද්ධියත් සමඟ රුසියානු රජය මඟින් ශ්‍රී ලංකාවේ තේ හා සියලු නිෂ්පාදන මිලදී ගැනීම තාවකාලිකව තහනම් කර තිබේ.
ඒ මහතා මෙසේ වැඩිදුරටත් අදහස් දැක්විය.
“සත්‍ය තත්වය නම් කප්රා බීට්ල් නමින් ඇති එසේත් නැතිනම් ප්‍රගෝඩමා ගානේරියන් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කුරුමිණි විශේෂයක සුහුඹුලකු ශ්‍රී ලනක්වෙන් අපනයනය කරන ලද තේ අඩංගු බහලුමක තිබී හමුවීම තමයි සිදුවෙලා තිබෙන්නේ. එසේත් නැතිනම් ශ්‍රී ලනක්වෙන් අපනයනය කරන ලද තේ වල හෝ තේ අසුරා තිබූ අදාළ ඇසුරුම්වල නොවේ මේ සුහුඹුලා හමුවෙලා තියෙන්නේ.”
“මෙම කප්රා බීට්ල් කියන කුරුමිණි විශේෂය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ හෝ තේ වගාවේ වගේම වෙනත් කිසිම වගාවක වාර්තා වී නොමැති කෘමි විශේෂයක්. එම නිසා මෙම කප්රා බීට්ල් නැමති කෘමි විශේෂය අදාළ බහලුම්වල තිබී හසු වුණේ කොහොමද කියන එක අපටත් අපේ පර්යේෂකයින්ටත් යම්කිසි ගැටළු සහගත තත්ත්වයක්. ඒ එක්කම මේ කප්රා බීට්ල් කියන කෘමි විශේෂය බහුලව ඉන්නේ තිරිඟු, වී එසේත් නැතිනම් ධාන්‍ය වගා අශ්‍රිතවත් එම ධාන්‍ය ගබඩා කරන ස්ථානවල තමයි ඒ රටවල්වල බොහෝවිට වාර්තා වන්නේ.”යැයිද පැවසීය.
COMMENTS