දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
TNA දෙදරයි - නව සන්ධානයට පක්ෂ කිහිපයක් එක්වන ලකුණු
Homeප්‍රවෘත්ති

TNA දෙදරයි - නව සන්ධානයට පක්ෂ කිහිපයක් එක්වන ලකුණු

PropellerAds

පසුගිය දිනයන්හි දෙමළ ජාතික සන්ධානය නොසිතූ අයුරින් කඩා වැටීමකට ලක් වුයේ එහි පක්ෂ කිහිපයක් ඉවත්වී නව සන්ධානයක් වශයෙන් ඉදිරි මැතිවරණයන් වෙනුව...

ජනාධිපති අපේක්ෂක අනුර කියපු දේවල් නෙමෙයි ජනාධිපති අනුර කතා කරන්නේ! එදා අනුර මාධ්‍ය අයිතීන් වෙනුවෙන් කතා කළා! අද අනුර මාධ්‍යට තරවටු කරනවා.. නියෝග දෙනවා! ඒක මාධ්‍යට එල්ල කරපු මරු පහරක්! - සජිත් (video)
ඩඩ්ලි මාධ්‍ය හමුවක.. සහල් බෝම්බයක්.. ඉදිරි කන්නයටත් සහල් හිගයක්.. (video)
ගාලතැන්නේ කපුවගේ පුතා කල දුටු කල වළ ඉහගන්න හදලා! හොර නම්බර් ප්ලේට් ගහගෙන පැදපු සුපිරි ජිප් එක ලොහාන්ගේ පිටින් යවලා ෂේප් වෙන්න හදලා!
TNA දෙදරයි - නව සන්ධානයට පක්ෂ කිහිපයක් එක්වන ලකුණු

පසුගිය දිනයන්හි දෙමළ ජාතික සන්ධානය නොසිතූ අයුරින් කඩා වැටීමකට ලක් වුයේ එහි පක්ෂ කිහිපයක් ඉවත්වී නව සන්ධානයක් වශයෙන් ඉදිරි මැතිවරණයන් වෙනුවෙන් තරග කිරීමට තීරණය කිරීමත් සමගය.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ පක්ෂ සියල්ලක්ම මේ වන විට ‘දෙමළ විමුක්ති සන්ධානය’ වශයෙන් සන්ධාන ගත වී සූර්යාගේ ලකුණින් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට තීරණය කොට ඇත.

නව සන්ධානය ආනන්ද සංගරීගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය ආරම්භ කොට ඇති අතර ඉදිරියේදී පුනරුත්තාපන හිටපු එල්.ටී.ටී. සාමාජිකයින් රැසක් මෙන්ම ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රස් පක්ෂයද එක්වමට ඉඩ ඇති අතර තවද ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානයද නව සන්ධානයට එක් වීමට බොහෝ ඉඩ කඩ ඇති බවට නව සන්ධානයේ සාමාජික සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කොට ඇත.

දෙමළ ජාතික සන්ධානයෙන් පක්ෂ ඉවත් වීමට බලපෑ ප්‍රධාන හේතු වී ඇත්තේ බලයෙන් වැඩි පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය විසින් 80% ක් වූ ආසන අනුපාතයක් ඉල්ලීමත් සෙසු සුළු පක්ෂ වෙතට 20% ක් වූ අනුපාතයත් සඳහා ආසන වෙන් කිරීමමේ තීරණයත් සමගය.

දෙමළ ජාතික සන්ධානයෙන් පළමුව ආනන්ද සංගරීගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඉවත් වූ අතර පසුව සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය ඉවත් වූ අතර ඊයේ (06 ) රාත්‍රිය වන විට ටෙලෝ සංවිධානයද ඉවත් වීමට තීරණය කොට ඇති අතර එය ටෙලෝ සංවිධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්ද අනුමත කර ඇති බවට වාර්තා වෙයි.

නමුත් දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා වෙතට නිල වශයෙන් මේ බව දැනුම් දී නොමැත. දෙමළ ජාතික සන්ධානයට එක්වූ අනෙක් පක්ෂය වූයේ ප්ලොට් සංවිධානයයි. මේ වන විට ප්ලොට් සංවිධානයටද ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සමග ගැටලු රැසක් මතුවී ඇති අතර ඔවුන්ද ඉවත් වීමට බොහෝ ඉඩකඩ ඇති බවට එම පක්ෂයේ සාමාජිකයින් කියා සිටිති.

දෙමළ ජාතික සන්ධානය සන්ධානගත වූ පක්ෂ පහෙන් පක්ෂ තුනක්ම ඉවත් වී ඇති අතර ඉදිරියේදී ප්ලොට් සංවිධනයද ඉවත් වුවහොත් ඉතිරි වන්නේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය පමණයි.

මේ අනුව ඉලංගෙය තමිල් අරුසකච්චි පක්ෂයට පුනරුත්තාපන හිටපු එල්.ටී.ටී. සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය හා දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද එක් වීමට තීරණය කොට ඇති බවට වාර්තා වෙයි.

උතුරු නැගෙනහිර බලය පැතිරූ දෙමළ ජාතික සන්ධනයට ඉදිරි මැතවරණයේදී ප්‍රභල අභියෝගයක් නව සන්ධානයෙන් එල්ල වනු ඇති බවට උතුරේ බොහෝ දෙනෙකු මත පල කර සිටි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: TNA දෙදරයි - නව සන්ධානයට පක්ෂ කිහිපයක් එක්වන ලකුණු
TNA දෙදරයි - නව සන්ධානයට පක්ෂ කිහිපයක් එක්වන ලකුණු
http://ift.tt/2iYQ917
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/tna_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/tna_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy