අද වන විට ඇති වී තිබෙන සහල් ගැටලුවට වර්තමාන ජනාධිපතිවරයා හෝ රජය වගකිවයුතු නැතැයි ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. කලග පටන...
අද වන විට ඇති වී තිබෙන සහල් ගැටලුවට වර්තමාන ජනාධිපතිවරයා හෝ රජය වගකිවයුතු නැතැයි ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. කලග පටන් වෙළඳපොලේ නාඩු සහල් හිගයක් පවතින්න බවත් ඊට හේතුව අවිධිමත්ව සැලසුමකින් තොරව වගා කිරීම බවත් හෙතෙම පැවසීය.
තම සහල් මෝල මගින් බෙදාහරිමින් ඇත්තේද කීරි සම්බා සහල් පමණක් බවත් ඔහු සදහන් කරයි.
මෙම අර්බුදය නිර්මාණය කළේ 76 වසරක් තිස්සේ රට පාලනය කළ සිය සොහොයුරා ද ඇතුළු සියලුම පාලකයන් බවත් හෙතෙම පෙන්වා දෙයි.
අර්බුදයට හේතුව කන්නයකට නාඩු සහ කන්නයට කීරි සම්බා වගා කිරීම බවත් එය ක්රමානුකූල කරන ලෙස සෑම රජයකින්ම ඉල්ලීම් කළ ද ප්‍රතිඵලයක් අත්නොවූ බව ද ඩඩ්ලි සිරිසේන මහතා පෙන්වා දෙයි.
නියමිත ප්‍රතිශතය අනුව වගා නොකළහොත් ඉදිරි කන්නයේ දී නාඩු හාල් තිබුණ ද කීරි සම්බා හිඟයක් ඇති වනු ඇතැයි ද ඔහු අනාවැකි පල කළේය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
COMMENTS