දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ගාලතැන්නේ කපුවගේ පුතා කල දුටු කල වළ ඉහගන්න හදලා! හොර නම්බර් ප්ලේට් ගහගෙන පැදපු සුපිරි ජිප් එක ලොහාන්ගේ පිටින් යවලා ෂේප් වෙන්න හදලා!

කාල­යක් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වූ ගාල­තැන්න ප්‍රදේ­ශයේ දේවාලයක් පවත්වාගෙන ගිය කපුවෙකුගේ පුතෙකු සතුව තිබුණු ව්‍යාජ අංක තහඩුවක් සවි කළ...

කාල­යක් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වූ ගාල­තැන්න ප්‍රදේ­ශයේ දේවාලයක් පවත්වාගෙන ගිය කපුවෙකුගේ පුතෙකු සතුව තිබුණු ව්‍යාජ අංක තහඩුවක් සවි කළ මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. දිගන පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයා සතුව කොටස් එකලස් කරන ලද නීති විරෝධි ජීප් රථයක් ඇති බවට 1997 දුරකතන අංකයට ලද තොරතුරකට අනුව පොලිසිය පසුගිය 30 වැනිදා නි‍ෙවසට ගොස් කළ පරීක්ෂාවේදී මෙම වාහනය හමුවී තිබේ.

වාහනයේ ලියාපදිංචි තොරතුරු කිසිවක් සැකකරු සතුව තිබී නැත. ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ පසුගිය දා වෙඩි තබාගෙන මියගිය රාජ්‍ය ඇමැති ලේකම්වරයා වාහනය සිය ගෙවත්තට සති තුනකට පමණ පෙර ගෙනවිත් දැමූ බවය.

මේ සම්බන්ධයෙන් පොලිසිය කළ දීර්ඝ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ මෙම රථය කපුවා සහ ඔහුගේ පුතා පරිහරණය කර ඇති එකක් බවය. කපුවාට අයත් බව කියන වාහන අංගණ­යක් ඇති බවත් ඒම අංගණයේ ඉඩකඩ ප්‍රමාණත් නොවූ තැන පුතාගේ නිවෙස පිහිටි ගෙවත්තට මෙම වාහනය රැගෙනවිත් දමා තිබී ඇති බවත් විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. කපුවාට අයත් වාහන අංගණයේ කොටස් එකලස් කර ඇති නීති විරෝධී වාහන ඇති බවට සැකකරන තොරතුරු රැසක් පොලිසියට ලැබී ඇති බැවින් ඒම වාහන අංගණය පරීක්ෂා කිරීමට පොලිස් කණ්ඩායමක් ඊයේ සූදානමින් සිටියහ. ‍‍

මෙම වාහනය පරීක්ෂා කිරීමේදී 2022 වසරේ ගෙවූ විදුලි බිලක් මෝටර් රථයේ තිබී හමුවී ඇත. එම බිල සැකකරුගේ නි‍ෙවසේ විදුලි බිලක් බව අනාවරණය වී තිබේ. ජීප් රථය වසර කිහිපයක් තිස්සේම පරිහරණය කර ඇත්තේ මෙම සැකකරු බවටද තොරතුරු විමර්ශනයේ දී පොලිසියට ලැබී තිබේ. වාහනය පිරිසිදු කිරීමට සේවා සපයන ආයතනවලට ලබා දී ඇත්තේ ද කපු පවුලේ උදවිය බවට තොරතුරුද පොලිසියට ලැබී ඇත.

අංක තහඩුව ගැන සොයා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ මහනුවර පුද්ගලයකුගේ වාහනයකට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කර ඇති අංකයක් සවිකරගෙන මෙම වාහනය ධාවනය කර ඇති බවය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ප්‍රභූවරයෙක් ගමන්කරන ආකාරයට ජනාධිපතිවරයා ගමන් කළ වාහනයට වෙට්ටු දමා ලයිට්ද දක්වාගෙන ගමන් කළ මෙම වාහනය එකල මහනුවරදී අත්අඩංගුවටද ගෙන ඇත. එහිදීද පරීක්ෂා කිරීමේදී හෙළිවී තිබුණේ හොර රහසේ මෙරටට ගෙන්වා ඇති වාහනයක් බවය. මෙම වාහනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද සිදුකර ඇති අතර පසුව අධිකරණයෙන් එම වාහනයත් ඔවුන්ටම අයත් තවත් වාහනයක් සමඟ මුදා මැර තිබේ. ඒ සම්බන්ධයෙන් අධිකරණ විනිසුරුවරයාට එරෙහිව පොලිසිය අධිකරණ සේවා කොමිෂන් සභාවටද දැනුම්දීමක් කර තිබී ඇත. 

නැවතත් පොලිසියට වෙනත් අංකයකින් හමුවී ඇත්තේ ඒම වාහනය බව ද එම නිලධාරියා සඳහන් කළේය.

ඒ අනුව කපුවා සහ ඔහුගේ පුතා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය උපදෙස් ලැබුණු පසු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද ඒම නිලධාරියා පැවසීය.

වාහනය මෝටර් රථ පරීක්ෂකවරයාටත් රස පරීක්ෂකවරයාටත් ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළේය

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28996,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගාලතැන්නේ කපුවගේ පුතා කල දුටු කල වළ ඉහගන්න හදලා! හොර නම්බර් ප්ලේට් ගහගෙන පැදපු සුපිරි ජිප් එක ලොහාන්ගේ පිටින් යවලා ෂේප් වෙන්න හදලා!
ගාලතැන්නේ කපුවගේ පුතා කල දුටු කල වළ ඉහගන්න හදලා! හොර නම්බර් ප්ලේට් ගහගෙන පැදපු සුපිරි ජිප් එක ලොහාන්ගේ පිටින් යවලා ෂේප් වෙන්න හදලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjldEFFrdL_7KU7cnEHZYuGU8vYSkX9VgV04RQZuMmOQbLSWy0vA3gWwFxV0XYTjgjj6UTjTQeTcK3C5M2NwXaJuhdJIV4IIORr-RR9Xtoggpo3QlQ1LTca9n9AjnC4ABy1XkGwX7a2wCpK0Qk3YHJSxkKRY1wSUKrEKwykHj55neSQp4YJu9VXCIidY1Kr/s320/kapuwa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjldEFFrdL_7KU7cnEHZYuGU8vYSkX9VgV04RQZuMmOQbLSWy0vA3gWwFxV0XYTjgjj6UTjTQeTcK3C5M2NwXaJuhdJIV4IIORr-RR9Xtoggpo3QlQ1LTca9n9AjnC4ABy1XkGwX7a2wCpK0Qk3YHJSxkKRY1wSUKrEKwykHj55neSQp4YJu9VXCIidY1Kr/s72-c/kapuwa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/11/blog-post_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/11/blog-post_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy