අද (14) දින විවෘත වූ LVL Energy Fund Limited සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධි දායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ. මේ අනුව අද පස්වරු...
අද (14) දින විවෘත වූ LVL Energy Fund Limited සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධි දායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ.
මේ අනුව අද පස්වරු 4.30 ට මෙම නිකුතුව වසා දැමීමට නියමිත බව, නිකුතුවේ රෙජිස්ට්‍රාර්වරුන් වන කෝපරේට් සර්විසස් (පුද්) සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ.
රුපියල් බිලියන 1.2 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් LVL Energy Fund Limited විසින් රු. 10 බැගින් වූ කොටස් මිලියන 120 ක් අද දින මහජනයා වෙනුවෙන් විවෘත කර තිබුණි.
COMMENTS