දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල්ගේ පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම් උත්සන්න වේ : ලේකම් ඉල්ලා අස්වේ.
Homeගොසිප්

විමල්ගේ පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම් උත්සන්න වේ : ලේකම් ඉල්ලා අස්වේ.

PropellerAds

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, ප්‍රියන්ජිත් විතාරණ මහතා සිය ධුරයෙන් ඉල්ලා ...

කුඩු විකිණු කතක් ඇල්ලූ පසු සොයා බලද්දී වෙලේ සුදාගෙ අම්මලු
ජනවාර් 8 ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර් කළු කොඩි කරන්න - ගම්මංපිල ඉල්ලයි
ලංකාවේ උසම නත්තල් ගසක් ගැන අපව දැනුවත් කර නැහැ -ගිනස් වාර්තා සංවිධානය

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, ප්‍රියන්ජිත් විතාරණ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති අතර, අද දින පටන් තමන් ජාතික නිදහස් පෙරමුණු ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බවත් සහාය දුන් සියල්ලන්ට ස්තුතිය පල කරන බවත් එහි සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විමල් විරවංශ මහතාගේ 'ලංකා සී නිව්ස්' වාර්තා කර ඇත්තේ, සෞඛ්‍යමය හා පුද්ගලික හේතුන් මත ප්‍රියන්ජිත් විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව පක්‍ෂයට දන්වා ඇති බවයි.

ඉවත් කිරීමට කල බලපෑම !

කෙසේවුවද ජාතික නිදහස් පෙරමුණේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, ඊයේ පස්වරුවේ පැවති එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ඇතිවූ මත ගැටුමක් මත ප්‍රියන්ජිත් විතාරණ මහතා ඉල්ලා අස්වන බව දැනුම්දුන් බවයි.

පසුගියදා විමල් විරවංශ මහතා විවේචනයට ලක්කරමින් මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ එම පක්ෂයේ ප්‍රධානියකු වන පියසිරි විජේනායක හා එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රීක් සංවිධායක කැලුම් ජයසුමන වහාම පක්ෂයෙන් ඉවත්කර කිරීමටත් එබව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසත් විමල් විරවංශ මහතා කල යෝජනාවට ප්‍රියන්ජිත් විතාරණ මහතා එම දේශපාලන මණ්ඩල රැස්වීමේදී විරෝධය පලකට ඇත.

හෘද සාක්ෂියක් ඇතිව එවැනි ලිපියකට අත්සන් කල නොහැකි බව පවසා ඇති ප්‍රියන්ජිත් විතාරණ මහතා, මේවනවිට පක්ෂය විමල් විරවංශ මහතාගේ බිරිඳගේ ග්‍රහණයට නතුවී ඇතැයි චෝදනා කර තිබෙන බව ද එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

පුංචි ඡන්දයට අවුලක !

එසේම ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් ද එම පක්ෂයේ අභ්‍යන්තර මත ගැටුමක් හටගෙන ඇත.

ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය සන්ධානගතව ඉදිරි මැතිවරණයට මුහුණදිය යුතු බවට එහි කණ්ඩායමක් දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වීම එම මතගැටුමට මුලික හේතුව වී ඇත.

තවද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එජාපයේ ප්‍රබලයෙක් හා එජාප නායකයාගේ කිට්ටුවන්තයකු සමඟ නිදහස් චතුරස්‍රය ආසන්නයේ මෝටර් රථයක් තුළ රහස් සාකච්ඡාවක් සිදුකර ඇති බවට මාධ්‍ය හරහා හෙළිදරව් වීම ද එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුමට ප්‍රධාන කාරණයක් වී ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල්ගේ පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම් උත්සන්න වේ : ලේකම් ඉල්ලා අස්වේ.
විමල්ගේ පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම් උත්සන්න වේ : ලේකම් ඉල්ලා අස්වේ.
http://ift.tt/2zWjWNY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_175.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_175.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy