එකළ සමාජජාලවල පළ වූ ඡායාරූපයකි එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරීන් ලෙස කටයුතු කර යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වූ පිරිසක් මහින්ද ප...
එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරීන් ලෙස කටයුතු කර යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වූ පිරිසක් මහින්ද පිලෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තරග කිරිමට සූදානමින් සිටින බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා ඊයේ (02) අනුරාධපුරයේදි ප්‍රකාශ කර තිබේ.
පැවති මහ මැතිවරණයේදී දමිළ ජනතාවගේ ඡන්දවල යම් බලපෑමක් එල්ලකිරීමේ අරමුණින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා, වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පිරිසක් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ප්‍රබලයන් ලෙස කටයුතු කරමින් සිටි පිරිසක් හමුවී සාකච්ඡාකොට ඇති බවට එකල මාධ්‍ය වාර්තා කල අතර ඊට අදාළ ඡායාරූප කිහිපයක්ද සමාජජාල ඔස්සේ ප්‍රචාරය විය.
පැවති මහ මැතිවරණයේදීද උතුරු පළාත නියෝජනය කරමින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් මහ මැතිවරණයට ඉදිරිපත්වී සිටි අතර උක්ත සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස මෙසේ සිදුව ඇති බවටත් එකළ පුවත් වාර්තා පළ විය. එමෙන්ම ප්‍රභාකරන්ගේ මස්සිනා යැයි පවසන සිවාජිලිංගම්ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදුනේ මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස යැයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි.
මහින්ද රාජපක්ෂ මහතාට වක්‍ර ආකාරයෙන් සහාය ලැබෙන සෙ කටයුතු කරමින් සිටි එම පිරිස එම ක්‍රියාදාමයේම දිගුවක් ලෙස මේ වනවිට මහින්ද පිලට එකතුවී එහිම කොටස් කරුවෙකු බවට පත්වෙමින් එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති අයුරු මේ වනවිට මහින්ද පිලේම කියාකාරිකයෙකු වන තුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා කටින්ම පිට වී තිබේ.

COMMENTS