ඩී.කේ.පී. දසනායක නම් 'රණවිරුවාට' අධිකරණයෙන් ඇප ලබා නොදීම සම්බන්ධයෙන් දේශප්‍රේමය සින්නක්කරව ලියාගත් පාර්ශ්වවලට තිබුණේ පුදුමාකාර කැක...
ඩී.කේ.පී. දසනායක නම් 'රණවිරුවාට' අධිකරණයෙන් ඇප ලබා නොදීම සම්බන්ධයෙන් දේශප්‍රේමය සින්නක්කරව ලියාගත් පාර්ශ්වවලට තිබුණේ පුදුමාකාර කැක්කුමකි. මිනීමැරුම් සම්බන්ධ චෝදනා මුලින් මුලින් ප්‍රතික්ෂේප කෙරුණු නමුත් පසුවන විට ඔවුන් ඉතාම නරුම ලෙස ප්‍රකාශ කළේ මරා දැමූ පුද්ගලයන් දෙමළුන් බවත් කොටින් බවත් ඩී.කේ.පී. දසනායක සිංහල ජාතියේ විරුවකු බවත්ය. සියළුම දෙමළුන් කොටින් ලෙස පෙනෙන්නේ ජාතිවාදයෙන් අන්ධ වූවන්ටය. කෙසේවෙතත් මිනීමරු දසනායකලාට දේශප්‍රේමී සුදු හුණු ගෑ හිවලුන් ද හිරවෙන තැනක් දැන් මතුවී තිබේ. ඒ, දසනායකලා විසින් අතුරුදන් කළ සිංහල ජාතිකයින්ගේ තොරතුරු හෙළිදරව් වීමක් සමගය.
ශාන්ත සමරවීර අතුරුදන් කරවීම
ගනෙහිරාලලාගේ ශාන්ත සමරවීර, මල්වත්ත කන්ද, ඇකිරියල, කෑගල්ල පදිංචිකරුවෙකි. ඔහුගේ බිරිඳ සිංහකුට්ටි ආරච්චිලාගේ ධම්මිකා දමයන්ති ය. ඔහුව අතුරුදන් කෙරෙන්නේ 2010.07.23 දින අලව්ව පොලිස් නිලධාරීන්ගේ අත් අඩංගුවේ සිටියදීය. මේ සම්බන්ධයෙන් වරකාපොල මහේස්ත්‍රාත් උසාවියට B 214/10 යටතේ කරුණු වාර්තා කර ඇත. ඔහු ඩී.කේ.පී. දසනායක විසින් පාලනය කරන ලද ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුරේ සිටි බවට කරුණු අනාවරණය වන්නේ ශ්‍රී ලංකා ස්වේච්චා නාවික හමුදාවේ සාමාන්‍ය නැවි බස්නායක මුදියන්සේලාගේ විජේකාන්තන් විසින් කරන ලද ප්‍රකාශයකිනි. විජේකාන්තන් ගන්සයිඩ් කඳවුරේ භූගත සිරමැදිරියෙහි සිටින විට ශාන්ත සමරවීර ද තමා සමඟ නාවික හමුදා අත් අඩංගුවේ සිටි බවට සාක්ෂි දී ඇත.
මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කෑගල්ල මහාධිකරණයේ නඩු අංක 3313/13 නඩුව යටතේ 2017.03.28 දින මහාධිකරණය විසින් නියෝග කරන ලදී. එම නියෝගයේ අංකය C 105/17 CR ය. එම විමර්ශන වලදී ගන්සයිඩ් කඳවුරේ සිරමැදිරියක බිත්තියක තිබී ශාන්ත සමරවීර විසින් තම නම, ලිපිනය හා කඳවුරට ගෙන ආ දිනය ලෙස 2010.07.25 යන්න ලියූ සටහනක් හමුව ඇත.
ශාන්ත සමරවීරව අතුරුදන් කරවා ඇත්තේ සබරගමු පළාත් මහ ඇමති මහීපාල හේරත්ගේ කොන්ත්‍රාතුවකට අනුවය. මහීපාලගෙන් කොන්ත්‍රාතුව ලැබී ඇත්තේ 'රණවිරු' ඩී.කේ.පී. දසනායකට වන අතර ඔහුට ඔහුගේම පන්නයේ තවත් විරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ ද සහාය ලැබී ඇත. පොලිස් අත් අඩංගුවේ සිටි ශාන්තව නාවික හමුදාවට ලබා දී ඇත්තේ වාස් ගුණවර්ධන විසිනි. මහීපාලලා, වාස්ලා, දසනායකලා එකතුව තවත් මිනිසෙක් මිහිපිටින් අතුගා දමා ඇත. ඊනියා රණවිරුවන්ගේ හොරණෑවට අනුව ශාන්තත් කොටියෙක්ද ? එය දන්නවා ඇත්තේ මහීපාල හේරත් විය යුතුය. යුද්ධයට මුවාවෙමින් යුද්ධාවසානයෙන් පසුවත් දසනායකලා මිනීමරා ඇත්තේ මේ ආකාරයටය.
ප්‍රගීත් නිසංසලත් ගන්සයිඩ් කඳවුරේ
විතාන ආරච්චිගේ දොන් ප්‍රගීත් නිසංසල අංක 378/12, දේවවරම, යකල්ල, ඉබ්බාගමුව පදිංචිකරුවෙකි. ඔහුගේ බිරිඳ පට්ටි විදානලාගේ දොන් මනෝජා නිරෝෂනී ය. ඔහුව 2010.10.31 දින නිවසේ සිටියදී පොලිස් ජීප් රියකට සමාන රියකින් පැහැරගෙන ගොස් අතුරුදන් කරවා ඇත. ඔහු පිළිබඳව තොරතුරු අනාවරණය වන්නේද ඉහත ශාන්ත සමරවීර සම්බන්ධ C 105/17 CR විමර්ශනය සිදුකෙරෙද්දීය. ඔහුද ඩී.කේ.පී. දසනායක විසින් පාලනය කළ ගන්සයිඩ් කඳවුරේ අත් අඩංගුවේ පසුවූ බව බස්නායක මුදියන්සේලාගේ විජේකාන්තන් නම් සාමාන්‍ය නැවියා විසින් හෙළිදරව් කර තිබේ.
යුද්ධය අවසන් වූයේ 2009 මැයි මාසයේය. 2010 වසරේ ගන්සයිඩ් කඳවුරේ අවසන් වරට ජීවත් වූ බවට සාක්ෂි ඇති මේ මිනිසුන් සම්බන්ධයෙන් ඊනියා රණවිරු දසනායකලා සහ දසනායකලාට හුණුගාන වසලනායකලා කියන්නේ මොනවාද ? කොන්ත්‍රාත් ක්‍රමයට කළ මිනීමැරුම් වසන් කරන්නට දිගින් දිගටම නොහැකි වනු ඇත. මේ තුප්පහි මිනීමරුවන්ට එරෙහිව නීතිය ඉක්මනින් ක්‍රියාත්මක කරවන්නට රටේ බලධාරීන් සමත් විය යුතුය. ඩී.කේ.පී. දසනායකලාට හුණු ගාමින් යුද්ධය මැද්දේ සුද්ධය ගෙන ගිය කාලකණ්නි දේශපාලකයින් ද එවිට එකවැරම ජනතාව ඉදිරියේ හෙළිදරව් වනු ඇත.
ගම්මන්පිලගේ අඩව්ව කුමකටද ?
බස්නායක මුදියන්සේලාගේ විජේකාන්තන්ගේ ප්‍රකාශයක් සාවද්‍ය එකක් බව ඔහු ලවා අධිකරණය ඉදිරියේ කියවන්නට උදය ප්‍රභාත් ගම්මන්පිල නම් උග්‍ර ජාතිවාදී දේශපාලකයා උත්සාහ දරණ අන්දම අපි පසුගිය නඩුවාරයක දී දුටුවෙමු. විජේකාන්තන්ගේ ප්‍රකාශය ගැන නැවත ඔහුලවා මොනවා අධිකරණය ඉදිරියේ කියවූවත් ශාන්ත සමරවීර විසින් ගන්සයිඩ් කඳවුරේ බිත්තියේ ලියූ ඒවා වෙනස් කරන්නට ගම්මන්පිලලාට හැකිවන්නේ නැත. යුද්ධය වවාගෙන කෑ දේශපාලන කල්ලියට ගම්මන්පිල ද අයත්ය. ඔහු අදත් උත්සාහ ගන්නේ දසනායක නම් මිනීමරුවා හරහා ජාතික වීරයෙක් වන්නටය. හිවලුන්ට සහ උන්ගේ කුණු කන්නට එන කපුටන්ට සත්‍ය හැමදා යට ගසන්නට හැකියාව ලැබෙන්නේ නැත.
(LNW)

COMMENTS