දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සාරංග ගැන කටකතා නිමා කරමින් දිනක්ෂි ඇගේ ව්‍යාපාරික පෙම්වතා හඳුන්වා දෙයි

සාරංග ගැන කටකතා නිමා කරමින් දිනක්ෂි ඇගේ ව්‍යාපාරික පෙම්වතා හඳුන්වා දෙයි පසුගිය කාලයේ ටෙලි නාට්‍ය නළු නිළි යුවළක් වන සාරංග- උමාලි පෙම් ප...


සාරංග ගැන කටකතා නිමා කරමින්
දිනක්ෂි ඇගේ ව්‍යාපාරික පෙම්වතා හඳුන්වා දෙයි

පසුගිය කාලයේ ටෙලි නාට්‍ය නළු නිළි යුවළක් වන සාරංග- උමාලි පෙම් පලහිලව්ව ගැන ආරංචි පැතිර ගිය අතරවාරයේ ඇතැම් අය විවිධ ආකාරයට මේ දෙදෙනාට කතන්දර හදද්දී සාරංග අලුතින් සමීප වූ පෙම්වතිය ලෙස දිනක්ෂි ප්‍රියසාද්ගේ නම ඉඟි කර තිබුණි.
මෙම කටකතා වල අස්වැසිල්ලක් නැති නිසාදෝ ටෙලි නිළි දිනක්ෂි ඇගේ ව්‍යාපාරික පෙම්වතා පිළිබඳ කරුණු සතිඅන්ත පුවත්පතකට හෙළිදරව් කර තිබේ. මේ දක්වා සඟවා ගෙන තිබුණ
එම කරුණු ඇය හෙළි කර තිබුනේ පහත පරිදිය.

අද දිනක්‌ෂි හිතපුරා ආදරය විදින ආදරවන්තියක්‌ නේද ?

ඇත්තෙන්ම මම දැන් පෙම්වතියක්‌.

ඔහුගේ ආදර ඇරයුම ලැබෙන්නේ ?


කාලයක්‌ ළඟින් ඇසුරු කිරීම නිසා අපි දෙන්න අතරෙ ඇතිවුණ තේරුම් ගැනීම ආදරයක්‌ බවට පෙරළුණා. හිතවත්කම දුරදිග යද්දී අපි දෙන්නම අපිට ආදරය කරන්න පටන් අරන් තිබුණා.

දිනක්‌ෂිට ඔහු හමුවෙන්නෙ කලා ලෝකයෙන්ද ?

නැහැ. එයා ව්‍යාපාර ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්‌.

නිරන්තරයෙන් තම දූවරුන්ගේ ආරක්‌ෂාවට ළඟින් රැෙදන ඔබේ දෙමව්පියන් දිනක්‌ෂිගේ ප්‍රේම සම්බන්ධයට එකහෙලා අනුමැතිය දුන්නද ?

අම්මයි තාත්තයි මට නිදහස දීලා තියෙන්නේ මගේ ජීවිතයට ගැලපෙන කෙනෙක්‌ තෝර ගන්න. ඒ නිසා මම තේරුම් ගත්තා මගේ ජීවිතය දරාගන්න පුළුවන් විශ්වාස කරන කෙනා ඔහු කියලා. ඔහුත් සමග ඇති කර ගත් ප්‍රේමයට ගෙදරින් තහංචි වැටුණේ නැහැ.

මේ වෙද්දි අපේ ජනප්‍රිය යොවුන් නිළිය කුළගෙට යන්නත් දින වකවානු යොදාගෙනද ?

නැහැ. මම කොහොමටත් දැන්ම විවාහ වෙන්නෙ නැහැ. ඉදිරි කාලයේ අම්මල තාත්තලගේ ආශිර්වාදය එක්‌ක විවාහයට දින තීන්දු කරගන්නවා. ළගදීම නම් ඒ දවස උදාවෙන්නෙ නැහැ. අපි තවමත් ආදරය විදිමින් ඉන්නවා විතරයි.

කලාවට හාත්පසින් වෙනස්‌ ක්‍ෂේත්‍රයක ඉන්න ඔහු ආදරය නිසා දිනක්‌ෂිට බාධක සීමාවන් හදලද තියෙන්නේ ?

මේදේ කරන්න මේක කරන්න එපා කියල සීමාවන් නැහැ. වැඩකට යද්දි එයාට කියලම යන්න ඕනෑ කියල දෙයක්‌ නැහැ. ඒත් අපි දෙන්න අපි දෙන්න යන එන කරන කියන දේ ගැන හැමවෙලාවෙම දැනුවත් . කොහොමත් එයා මම ගැන දන්නවා. නීති රීති නොදැම්මට කළයුතු හා නොකළයුතු දේ ගැන මම දැනුවත් කියල එයාට අවබෝධයක්‌ තියෙනවා.

දිනක්‌ෂිගේ ජනප්‍රියත්වය හා ජනතා ආකර්ෂණය ගැන ඔහුගේ ආදර හිත මැදහත්ද ?

එයා මගේ හැකියාවන්ට වගේම මගේ ජනප්‍රියත්වයට ගරු කරනවා. මම හිතනවා මා ගැන එයා සතුටු වෙනවා කියල.

ආදරේ කරන්න පටන් අරන් කුළුඳුලේ හුවමාරුවුණ ප්‍රේමණීය තිළිණය මොකක්‌ද ?


එයා මට ගොඩක්‌ තෑගි දෙනවා. මමත් එහෙමයි . ඒත් ඒ දෙවල් ගැන ලොකුවට හිතේ තියාගන්න හෝ තෑග්ගක්‌ ලැබුණා නොලැබුණා කියල මම ලොකුවට සසල වෙන කෙනෙක්‌ නෙවෙයි. ඇත්තම කියනවා නම් මම ඒ දේවල් ගැන ඒ තරම් සළකන යුවතියක්‌ නෙවෙයි.

ධම්මිකා සුරංජි පතිරණ (දිවයින- මීවිත)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28599,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාරංග ගැන කටකතා නිමා කරමින් දිනක්ෂි ඇගේ ව්‍යාපාරික පෙම්වතා හඳුන්වා දෙයි
සාරංග ගැන කටකතා නිමා කරමින් දිනක්ෂි ඇගේ ව්‍යාපාරික පෙම්වතා හඳුන්වා දෙයි
http://ift.tt/2uvxAFL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_376.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_376.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy