ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව ඉල්ලා සිටි අවංක ජනතා හිතවාදී පාලනය වෙනුවෙන් කැපවන බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්ම...
ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව ඉල්ලා සිටි අවංක ජනතා හිතවාදී පාලනය වෙනුවෙන් කැපවන බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය හොරගොල්ල බණ්‌ඩාරනායක සමාධිය ඉදිරිපිටදී ප්‍රතිඥා දුන්නාය.
සමාධියේ ඉන්න තුන්දෙනාම තමන්ගේ තියෙන සියලුදේම කැප කරගෙන රට වෙනුවෙන් සේවය කිරීමට කැපකළ බවද ජනාධිපතිනිය මෙහිදී පැවසුවාය.
ඇය මේබව පැවසුවේ පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ඊයේ (19) හොරගොල්ල බණ්‌ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්‌වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්‌වමිනි.
එහිදී හිටපු ජනාධිපතිවරිය මෙසේද පැවසුවාය.
“මේ පක්‍ෂයේ නායකයෝ පස් දෙනෙක් හිටියා. දැන් ඉන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්‌ක. එක්‌කෙනෙක් හැර ඉතුරු හතරදෙනාම පක්‌ෂය සහ රටවෙනුවෙන් කටයුතු කරල තියෙනවා. ඒ නිසා ඉතුරු හොරුත් එක්‌ක අපිට වැඩ කරන්න බෑ. මේ රටේ ජනතාව 2015 ජනවාරි 8 වැනිදා ඉල්ලා සිටියේ අවංක ජනතා හිතවාදී පාලනයක්. තමන්ගේ සාක්‌කු පුරවාගන්නා පාලනයක් නොවෙයි. මිනීමරණ පාලනයක් නොවෙයි. කුඩුකාරයින්ගේ කසිප්පු කාරයින්ගේ පාලනයක් නොවෙයි. ජනතාව ඉල්ලා සිටින දේවල් ඉෂ්ඨ කරන්නට, විශේෂයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණය හරහා අත්තනගල්ල හා අනෙකුත් පළාත් පාලන ජයග්‍රහණ හරහා පක්‌ෂය ශක්‌තිමත් කරගෙන, ආණ්‌ඩුව ශක්‌තිමත් කරගෙන අපි ඉදිරියට යනවා.“
මෙවර අත්තනගල්ල ආසනය සඳහා අපේක්‌ෂකයින් 30ක් ඉදිරිපත් වන අතර පුෂපෝපහාරයෙන් අනතුරුව ඡන්ද අපේක්‌ෂකයින් ප්‍රතිඥ දීමද සිදුවිය.
මේ අවස්‌ථාවට ප්‍රාදේශීය දේශපාලනඥයින් විශාල පිරිසක් ද සහාගි වූහ.
COMMENTS