පළාත් පාලන ආයතන 248ක් සඳහා නාම යෝජනා කැඳවීම අද සිට ආරම්භ වේ. නාම යෝජනා භාර ගැනීම ලබන බ්‍රහස්පතින්දා මධ්‍යහන 12.00න් අවසන් වීමට නියමිතය. ...
පළාත් පාලන ආයතන 248ක් සඳහා නාම යෝජනා කැඳවීම අද සිට ආරම්භ වේ.
නාම යෝජනා භාර ගැනීම ලබන බ්‍රහස්පතින්දා මධ්‍යහන 12.00න් අවසන් වීමට නියමිතය.
සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සිදු කෙරෙන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල සදහා පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.
අද දිනයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය පැවැත්වෙන බැවින් නාමයෝජනා භාරදීමෙන් පසු ඊට බාධා වන අයුරින් කටයුතු කිරිමෙන් වැලකී සිටින ලෙස මැතිවරණ කොමිසම සියලු දේශපාලන පක්ෂ සහ මැතිවරණ කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි.
එසේ නොකරන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේය.
පළාත් පාලන ආයතන 93කට අදාළ නාම යෝජනා භාර ගැනීම පසුගිය 14 වනදා මධ්‍යහ්න 12.00න් අවසන් විය.
COMMENTS