බේරුවල සපුගොඩ පුරාණ ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති හිමියන් එක්සත් ජාතික පක්ෂට සම්බන්ධ බවට ඇතැම් අය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනු...
බේරුවල සපුගොඩ පුරාණ ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති හිමියන් එක්සත් ජාතික පක්ෂට සම්බන්ධ බවට ඇතැම් අය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබූ බවත් විහාරස්ථානයට දේශපාලනය අවශ්‍ය නොවන බව තමා හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කෙසේ වෙතත් තමාගේ ඉල්ලීම මත හිටපු ජනාධිපතිවරයා මෙම විහාරස්ථානට පැමිණි බවත් පෙන්වා දුන් ඇමැතිවරයා මෙම විහාරස්ථානය අවට වැඩි වශයෙන් සිටින්නේ මුස්ලිම් ජාතිකයින් බවත් කියා සිටියේය.
බේරුවල සපුගොඩ පුරාණ ශ්‍රී මහා විහාරයේ වසර සියගණනක් ඉපැරැණි සීමා මාලකය සංරක්ෂණය කරමින් ඉදිකරන ලද ආරක්ෂක පවුර සසුනට පුජා කිරීම සහ බෝධිය වටා ඉදි කළ රන් වැට විවෘත කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සහභාගීත්වයෙන් පසුගියදා සිදු කෙරිනි.
එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“මෙම විහාරස්ථානයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයේ සිටින විට පැමිණීමට නියමිතව සිටියා. නමුත් විහාරාධිපති හිමියන් එක්සත් ජාතික පක්ෂට සම්බන්ධ බවට ඇතැම් අය හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබුනා. නමුත් මම හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා විහාරස්ථානයට දේශපාලනය අවශ්‍ය නොවන බව. කෙසේ වෙතත් මාගේ ඉල්ලීම මත හිටපු ජනාධිපතිවරයා මෙම විහාරස්ථානට පැමිණියා. මෙම විහාරස්ථානය අවට වැඩි වශයෙන් සිටින්නේ මුස්ලිම් ජාතිකයින්. නමුත් ඔවුන් සියලු දෙනාම මෙම විහාරස්ථානය සමග සහයෝගයෙන් කටයුතු කරනවා. එය සංහිදියාවේ කේන්ද්‍රස්ථානයක් බදුයි.“
COMMENTS