ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණයට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ඒ සඳහා ඉදිරියේදී ජනමතයක් ගොඩනැගීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්ත...
ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණයට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ඒ සඳහා ඉදිරියේදී ජනමතයක් ගොඩනැගීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසූවේ ඊයේ (21) ජාතික පුස්ථකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
ඇස්බැස්ටෝස් තහනම සහ තේ තහනම සම්බන්ධයෙන් ගැටලූව ඇති බවත් ඉදිරියේදී මේ පිළිබඳ ප‍්‍රකාශයක් සිදු කිරීමට කටයුතු කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
ඇස්බැස්ටෝස් තහනම් කිරීමට තමන් පුරෝගාමී වූ බවත් මෙම ගැටලූවේදීද ජනතා මතය නියෝජනය කිරීමට කටයුතු කරන බවත් උන්වහන්සේ කීහ.
ඇස්බැස්ටස් තහනම් කරගැනීම සඳහා ජනමතයක් ගොඩනගනු ලැබුවේ තමන් වහන්සේ විසින් බවත් එවැනි දෙයක් සිදුකළේ එම සෙවිල් තහඩු ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර නිසා බවද උන්වහන්සේ පවසා සිටියහ.
මේ නිසා තහනම් ඉවත් කර ගැනීමට ඉඩ ලබා නොදෙන බවද රතන හිමියෝ අවධාරණය කළහ.
COMMENTS