පහේ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ නිර්ණය කළ ආකාරය පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි හිටපු අධ්‍යාපන ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන...
පහේ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ නිර්ණය කළ ආකාරය පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි හිටපු අධ්‍යාපන ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.
පාසල කුමක්‌ද යන්න නොබලා නිලධාරීන්ගේ කූට උපායන්ට හසුනොවී සාධාරණ පදනමකින් පාසලට කඩඉම් ලකුණු තීරණය වන්නේ කෙසේදැයි රටට හෙළිකරන ලෙස මන්ත්‍රිවරයා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.
කොළඹ විශාඛා විද්‍යාලයේ කඩඉම් ලකුණු 189 ක්, රාජකීය විද්‍යාලයේ කඩඉම් ලකුණ 187 ක් වනවිට හෝමාගම හා මාතර මහින්ද රාජපක්‍ෂ විදුහල් දෙකේම කඩඉම් ලකුණු 171 වීම පිළිබඳව තමාට සැකයක් ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී බන්දුල ගුණවර්ධන මහතා මෙම ඉල්ලීම කළේය.
COMMENTS