දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජය පාසල් සිසුන්ට පෙළ පොත් විකුණනවා! අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පිළිතුරු දෙයි
Homeප්‍රවෘත්ති

රජය පාසල් සිසුන්ට පෙළ පොත් විකුණනවා! අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පිළිතුරු දෙයි

PropellerAds

රජය පාසල් සිසුන් වෙත නොමිලේ පෙළ පොත් ලබා දීම අත්හිටුවා ඇති බවට ඇතැම් පාර්ශව ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන ප්‍රකාශ...

ශ්‍රී ලංකාවේ නම වෙනස්විය යුතුයි – ගම්මන්පිල
විමල්-පොහොට්ටු අවුල ගැන එස්.බී. මාධ්‍ය හමුවක !
කොරෝනා වෛරසය සුව කිරීම සඳහා ඊශ්‍රායලය ඖෂධීය ඉන්හේලර්යක් හොයා ගනි.
රජය පාසල් සිසුන්ට පෙළ පොත් විකුණනවා! අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පිළිතුරු දෙයි

රජය පාසල් සිසුන් වෙත නොමිලේ පෙළ පොත් ලබා දීම අත්හිටුවා ඇති බවට ඇතැම් පාර්ශව ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ(20) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ සිසුන් වෙත අරපිරිමැස්ම සහ පොත් සංරක්ෂණය හුරු කරවීම අරමුණු කරගනිමින් හය, හත සහ අට ශ්‍රේණිවල සිසුන් සඳහා පමණක් පැරණි පොත්වලින් සියයට විසිපහක ප්‍රතිශතයක් නැවත ප්‍රයෝජනයට ගැනීමට උපදෙස් දී ඇති බවයි.

එමෙන්ම භාවිතයට සුදුසු පොත් පමණක් එම සිසුන් වෙත ලබාදෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් ඉතිරි සිසුන් සඳහා නව පොත් මුද්‍රණය කර ලබා දීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

සෑම පෙළ පොතකටම මූල්‍ය වටිනාකමක්

එමෙන්ම නවවන ශ්‍රේණිය සඳහා, නව විෂය නිර්දේශයක් යටතේ නව පෙළ පොත් මුද්‍රණය කිරීමට පියවර ගත් අතර රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණ ක්‍රියාවලියෙහි යම් ප්‍රමාද දෝෂයක් හේතුවෙන් පොත් කිහිපයක් පමණක් දෙසැම්බර් පාසල් නිවාඩුවට පෙර ලබා දීමට නොහැකි වූ බවත් ඒවා හෙට දිනයේ සිට පාසල් සඳහා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් කොමසාරිස්වරයා පැවසී ය.

එමෙන්ම ඇතැම් පාර්ශව ගෙන යන ව්‍යාජ ප්‍රකාශයන්ට නොරැවෙටෙන ලෙසත් කිසිදු රජයේ පාසලක සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් පොත් මිල දී ගැනීමට අවශ්‍ය නොවන බවත් සෑම පෙළ පොතකටම නියමිත මූල්‍ය වටිනාකමක් පවතින බවත්, එම වටිනාකම පිළිබඳව නොතකමින් පොත් අවභාවිතා කරන සිසුන්ට එයින් වැළකී සිටීම පිළිබඳ වටහා දීමට මෙන්ම ජාත්‍යන්තර පාසල්වලට සහ සෙසු පාර්ශවවල වෙනත් අවශ්‍යතා සඳහා පමණක් පොත් මිල දී ගැනීම වෙනුවෙන් මෙලෙස රජයෙන් නිකුත් කෙරෙන පෙළ පොත්වල පිටුපස එහි මූල්‍ය වටිනාකම සඳහන් කර ඇති බවත් ඉලංගසිංහ මහතා පෙන්වා දුන්නේය.

සිසු දරුවන් වෙත ලබා දීම සඳහා පොත් වර්ග 410 කින් නව පෙළ පොත් මිලියන 43 ක් මේ වන විට මුද්‍රණය කර ඇති අතර පෙළ පොත් මුද්‍රණය සහ බෙදාහැරීම සඳහා රජය වසරකට කෝටි 400 ක (බිලියන 04 ) පමණ මුදලක් වැය කෙරේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජය පාසල් සිසුන්ට පෙළ පොත් විකුණනවා! අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පිළිතුරු දෙයි
රජය පාසල් සිසුන්ට පෙළ පොත් විකුණනවා! අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පිළිතුරු දෙයි
http://ift.tt/2z7q4Pr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_861.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_861.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy