ජන්දයකට ගියවිට මහජනතාව කෙසේ ජන්දය ලබා දෙන්නේද යන්න තේරුම් ගත හැකි බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. “ගමේ පන්සල ගමට සවියක්” වැඩසටහන යටත...
ජන්දයකට ගියවිට මහජනතාව කෙසේ ජන්දය ලබා දෙන්නේද යන්න තේරුම් ගත හැකි බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
“ගමේ පන්සල ගමට සවියක්” වැඩසටහන යටතේ යක්කල පල්ලියගොඩැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේදී ඊයේ පෙරවරුවේ අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් දානමය පිංකමක් සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මේ අදහස් පළ කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මම නම් දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. මම ඒක හොයන්නෙත් නැහැ. එක්කහු වෙනවනම් ඉතින් ඒක දේශපාලන නායකත්වය තමයි තීරණය කරන්න වෙන්නේ. මොන දේ එක්කහු වුණත් මම දකින එකම දේ මේ ආණ්ඩුව තව අවුරුදු 2ක් යනවා. මොකද මේ මහ ජනතාව ජන්දේ දුන්නේ ශ්‍රී ලංකා එකටත් ජන්දේ දුන්නේ නැහැ, යූ.එන්.පී එකටත් ජන්දේ දුන්නේ නැහැ. කිව්වේ දෙගොල්ලෝ එක්කහු වෙලා මේ රට පාලනය කරන්න කියලා. අද වෙනකොට අපිට සෑහෙන්න වැඩ කොටසක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේ වැඩ ටික ඉවර කර ගන්න ඕනේ. මොකද එහෙම නැත්තම් අපි කරන්නේ මහ ජනතාව දුන්න වරමට විරුද්ධව, එහෙම නැත්තම් ඒක පාවාදීමක්. ඒ නිසා ජනාධිපතිතුමයි, අගමැතිතුමයි මේ ඉදිරි අවුරුදු 2ක තිස්සේ මේ ආණ්ඩුව එකට තියාගෙන මේ කරගෙන ගිය වැඩ ටික ඉස්සරහට හරියට ගෙනියන එක තමයි මම හිතන්නේ මහ ජනතාවට දෙන පොරොන්දුව.”
“එක එක්කෙනාව කුතුහලයෙන් තියන එක තමයි මම හිතන්නේ රටේ හැමදෙනාම කැමති කුතුහලයට. හැබැයි මම දන්නවා ජනාධිපතිතුමයි අගමැතිතුමයි එකට ඉඳගෙන වැඩ කරනවා. මොකද ඒ දෙන්නේ පක්ෂෙ ගැන හිතනවට ඉස්සෙල්ලා රට ගැන හිතන දෙන්නෙක්. ඒ ක්‍රමවේදය ඉස්සරහට යන එක තමයි වැදගත්. මමත් එතන ඉන්නේ. මොකද අපි පක්ෂ, පාට, දේශපාලනය බලාගෙන මේ රටවල් විනාශ කරා මේ පහුගිය කාලේ. ඒ තත්ත්වෙට නැවත යන්න බැහැ, යන්න දෙන්නත් ඕනේ නැහැ කියන එක තමයි මගේ දැක්ම නම්. ජන්දෙට ගිහාම තේරෙයි මහජනතාව කොයි විදියටද ජන්දේ දෙන්නේ කියලා. අපි දැක්කා පහුගිය කාලේ නැත්තම් ජනාධිපතිතුමා ජනාධිපති වෙච්ච ගමන් ඊළඟ ජන්දෙදි කාටවත් බලයක් දුන්නේ නැහැ. බලය දෙන්නටම දුන්නා එක්කහු වෙලා යන්න කියලා. ඉතින් මන් හිතන්නේ ඒ ක්‍රමවේදය ගැන අද අනුමත වෙලා ඇති. ඒවා ඉදිරියට ගෙන යාම මන් හිතන්නේ ආණ්ඩුවක් හැටියට අපේ වගකීම තියෙනවා.”යැයිද වැඩිදුරටත් පැවසීය.
COMMENTS