වවුනියාව ප‍්‍රදේශයේ කිසියම් අපරාධයක් සිදු කිරීමට තියුණු ආයුධ රැගෙන පැමිණි කල්ලියක් මුරසංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දැක කඩු දෙකක් දමා පළාග...
වවුනියාව ප‍්‍රදේශයේ කිසියම් අපරාධයක් සිදු කිරීමට තියුණු ආයුධ රැගෙන පැමිණි කල්ලියක් මුරසංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දැක කඩු දෙකක් දමා පළාගොස් ඇති බව වවුනියාව පොලිසිය පැවසුවේය.
වවුනියාව පොලිසිය පැවසූවේ ඊයේ (10) රාත‍්‍රි 10.00 ට පමණ වවුනියාව බසාර් වීදිය ප‍්‍රදේශයේ රාජකාරි කළ රථ වාහන පොලිස් නිළධාරීන් විසින් වේගයෙන් පැමිණි යතුරුපැදියක් නැවතීමට සංඥා කොට ඇති අවස්ථාවක අදාළ යතුරුපැදිකරුවන් පොලිස් නිළධාරීන්ට බිය වී වෙනත් දෙසකට හරවා පළාගොස් ඇති බවටයි.
එම අවස්ථාවේදී යතුරුපැදිය හැරවීමේදී යතුරුපැදිකරුවන් සතුව තිබි පාර්සලයක් වැටී ඇති අතර යතුරුපැදියෙන් වැටුණ පාර්සලය පරික්ෂා කිරීමේදී එහි තිබී දිග කඩු දෙකක් හමු වූ බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.
කිසියම් අපරාධයක් සඳහා පැමිණි පිරිසක් මෙලෙස පළාගොස් ඇති බවට පොලීසිය සැක පළ කරන අතර සැකකරුවන් පැමිණි යතුරුපැදිය හදුනාගැනීමට හැකි වී ඇති අතර පොලිසිය පැවසූවේ අදාළ යතුරුපැදිය සොයා පරීක්ෂණ මෙහෙයවන බවයි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS