දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නැගනහිර පර්යන්තයට ඉන්දීය ආයෝජනය නිවැරදියි.. මේ ආණ්ඩුව අපේ යහපාලන ආණ්ඩු පාරේමයි.. දේශපේ‍්‍රමී මට හරි සතුටුයි - මංගල
Homeප්‍රවෘත්ති

නැගනහිර පර්යන්තයට ඉන්දීය ආයෝජනය නිවැරදියි.. මේ ආණ්ඩුව අපේ යහපාලන ආණ්ඩු පාරේමයි.. දේශපේ‍්‍රමී මට හරි සතුටුයි - මංගල

PropellerAds

කො ළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර මහතා ප...

ඉරිදා පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ 2017 දී !
ලෝකෙටම එකයි.. ලංකාවෙන් විතරයි.. ත‍්‍රස්තවාදීන්ට සහන පැකේජයක් !
''ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සියලු දෙනාට මරණ දඬුවම දෙන්න'' - මරික්කාර්
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඒ බව සදහන් කරමින් සමරවීර මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන මම සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට සතුටු වෙනවා – හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර

පසුගිය කාලය පුරාම විදේශ ආයෝජකයින් මේ රටේ සංවර්ධනයට එකතු කරගැනීම රට පාවා දීමක්, රට විකිණීමක්, දේශද්‍රෝහී ක්‍රියාවක් හැටියට පුන පුනා කියපු දේශපාලන නායකයින්, අද එදා මිනිස්සුන්ව රවට්ටන්නට ඔවුන් කියූ බොරැවලින්ම බැට කමින් සිටිනවා.

ඒ බොරැ සහ රැවටීම පාරාවලල්ලක් වෙලා දැන් ඔවුන් හොඳ වැඩක් කරන්න හැදුවත් ඔවුන්වම විනාශ කරන තත්වයට පත්වෙලා තියෙනවා.

ඒක මම කලින් දැනං හිටියත්, අපි ඒ ගැන කලින් කිව්වත්, ඒක වෙනවා දැක දැක මට සතුටු වෙන්න බෑ. ඒකට හේතුව, අද මේ රට සංවර්ධනය කිරීම සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම අත්‍යාවශ්‍ය වීමයි.

එදා, විදුලි සංදේශ ඇමතිවරයා හැටියට ශ්‍රී ලංකා ටෙලිකොම් දෙපාර්තමේන්තුව සමාගමක් බවට පත් කරමින්, ලෝකයේ විශාලතම සන්නිවේදන තාක්ෂණ සමාගම ආයෝජනයට හවුල් කරගැනීම නිසා මේ රටේ සිදුවූ දැවැන්ත විප්ලවය ගැන අලුතෙන් මතක් කළ යුතු නැත.

ආරම්භයේ සිටම වගේ පාඩු පිට දුවපු ශ්‍රී ලංකන් ගුවන් ආයතනයද මුලු ඉතිහාසයේ ලාභ ලබාගත්තේ විදේශීය ආයෝජකයින් සමග හවුල් වූ වසර කීපය තුළ පමණි .

අද මේ රටේ ආර්ථික මර්මස්ථානයක් වන ශ්‍රී ලංකා වරාය අධිකාරියටද මෙම නව ආයෝජනය තුළින් නව යුගයක් උදාවන බව මං විශ්වාස කරනවා.

ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේද තරැණයින්ට රැකි රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේද විදේශ ආයෝජකයින් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි.

විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුබසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණි.

ඒ ආයතන දියුණු කරන්න, පවත්වාගන්න, ලාභ ලබන්න, විසඳුමක් විකල්පයක් යෝජනාවක් ඔවුන් ළඟ නෑ.

අද වියට්නාමය, කාම්බෝජය වැනි සමාජවාදී රටවල් පවා රටක් දියුණු කිරීමට විදේශ ආයෝජකයින්ගේ ඇති වැදගත්කම
තේරැම් ගිනිමින් විදේශ ආයෝජකයින්ට වරප්‍රසාද විශාල වශෙන් ලබා දෙනවා.

එපමණක් නොව විදේශ ආයෝජකයින්ද තමන්ගේ මුදල් ආයෝජනය කිරීමේදී එම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මානව අයිතීන් ගරැකරන නීතියේ ආධිපත්‍ය රජ කරන විනිවිද භාවයෙන් යුතු වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් බලාපොරොත්තු වෙනවා.

එවැනි ආර්ථික රාමුවකට 2015 අප රජය විසින් ඇති කළ ආරම්භය නිසා, වැඩිම විදේශ ආයෝජකයින් 2018 සහ 2019 දී ලබා ගන්නට අපට හැකියාවක් ලැබුණා.

පසුගියදා ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලද්දේද එදා ජනතාව නොමග යවමින් සෙල්ලම් ටයර් ෆැක්ටරියක් ලෙස හඳුනවාදුන් විදේශ ආයෝජනයකි.

විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට හැකිවුයේ ආයෝජනයට හිතකර පරිසරය දර්ශකයේ වර්ධනයක් පෙන්වූ නිසාය. තව තවත් පහසුකම් ලබාදීමට නව නීති රීති පවා ඇති කිරීමට අප සූදානම් කර තිබුණි.

ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජනයක් ගෙන්වාගැනීම, රට විකිණීමක් රට පාවාදීමක් හැටියට තම පක්ෂය විසින් පෙන්වා දුන් මතවාදය නිවැරදි නොවන බවට පිළි අරගෙන යහපාලන රජය විසින් ආරම්භකරන ලද එම ආර්ථික පිළිවෙත රටේ අනාගත පරම්පරාවන් ගැන සිතා යළි ඉදිරියට ගෙනයන ලෙස සැබෑ දේශප්‍රේමීන් ලෙස ඉල්ලා සිටිනවා.

– මංගල සමරවීර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නැගනහිර පර්යන්තයට ඉන්දීය ආයෝජනය නිවැරදියි.. මේ ආණ්ඩුව අපේ යහපාලන ආණ්ඩු පාරේමයි.. දේශපේ‍්‍රමී මට හරි සතුටුයි - මංගල
නැගනහිර පර්යන්තයට ඉන්දීය ආයෝජනය නිවැරදියි.. මේ ආණ්ඩුව අපේ යහපාලන ආණ්ඩු පාරේමයි.. දේශපේ‍්‍රමී මට හරි සතුටුයි - මංගල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhppRD3t4NI6khmWuy1x4DpPcCs600593IKEVM4_VcR_BZr8zR-3fBETsXKHEl3baJstbs9bSkAFuCBpFv5EPf3gKmz7JaGJQq4dTgaaGaayqnYrpemLCfSYzBsq5yRf6cdvowsceprI_I/s320/mangala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhppRD3t4NI6khmWuy1x4DpPcCs600593IKEVM4_VcR_BZr8zR-3fBETsXKHEl3baJstbs9bSkAFuCBpFv5EPf3gKmz7JaGJQq4dTgaaGaayqnYrpemLCfSYzBsq5yRf6cdvowsceprI_I/s72-c/mangala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_445.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_445.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy