අද දින පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සමඟ හමුවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. අද උදෑසන 10.00ට අදාළ හමුව පැව...
අද දින පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සමඟ හමුවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
අද උදෑසන 10.00ට අදාළ හමුව පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පැවසීය.
එමෙන්ම හෙට දිනයේදි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් මෙන්ම නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමග ද හමුවක් සූදානම් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ මැතිවරණ නීතිරීති සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවන් හීදි අවධානය යොමු කිරීමට අපේක්ෂිත බව එම කොමිසම පැවසීය.
මේ අතර එළඹෙන පළාත් පාලන මැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු ලබන පෙබරවාරි 07වනදායින් අවසන් වන බව මැතිවරණ කොමසාරිස්වරයා ඊයේ (26) දැනුම් දුන්නේය.
ඒ අතර කාලය තුළ මැතිවරණ අපේක්ෂකයින් මැතිවරණ නීති සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
COMMENTS