තමාව ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම්කර ඇති බවට දැක්වෙන මාධ්‍ය නිවේදනය අසත්‍ය නිවේදනයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභ...
තමාව ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම්කර ඇති බවට දැක්වෙන මාධ්‍ය නිවේදනය අසත්‍ය නිවේදනයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනතාව නොමඟ යවමින් දේශපාලනික වශයෙන් ව්‍යාකූල තත්ත්වයක් ඇති කිරීමට යම් පාර්ශ්වයන් උත්සාහ ගනිමින් සිටින බව ද, එම මාධ්‍ය නිවේදනය අසත්‍ය එකක් බවද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නිකුත් කල බව කියැවෙන, 2020 ජනාධිපති අපේක්ෂක ලෙස මා පත්කළ බව සඳහන්වන ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලා හරහා පතුරවමින් තිබෙන අතර මෙය සම්පුර්ණ අසත්‍යක් වන බවටත්, ජනතාව නොමග යවමින් දේශපාලනික වශයෙන් ව්‍යාකුල තත්වයක් ඇතිකිරීමට යම් පාර්ශවයින් විසින් කරන ලද උත්සාහයක් බවටත් මා දන්වා සිටිමි“ යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සඳහන් කර තිබේ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද නිවේදනයක් නිකුත් කර තිබිණි.
හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ලෙස සකස් කළ කූඨ ලේඛනයක් කිසියම් පිරිසක් විසින් සමාජ ජාලාවලට මුදා හැර ඇති බවයි.
ඊයේ (17) දිනයේ දී කිසියම් පිරිසක් විසින් සමාජ ජාලාවලට මෙම ලේඛනයන් මුදා හැර ඇති බව නිරීක්ෂණය කළ බවත් මෙමඟින් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් නම් කර ඇති බවට සඳහන් කර ඇති බවත් ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
කෙසේ වෙතත් ඊළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු මහින්ද රාජපක්ෂ මහතා විසින් තවමත් නම් කර නොමැති බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මහින්ද රාජපක්ෂ මහතා සිංගප්පූරු සංචාරයක් සඳහා රටින් පිටවෙන තුරු බලාසිට මේ කූඨ ලේඛනය මුදා හැර තිබෙන බව පැහැදිලි වන බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන විට එය මාධ්‍ය නිවේදනයක් මඟින් නොකරන බවද එය ප්‍රසිද්ධ ස්ථානයක තමන් පුද්ගලිකවම සිදුකරන බවද නිවේදනය මඟින් සඳහන් කර තිබේ.
අදාල කූඨ ලේඛනයේ සිරස්තලය වූයේ “2020 ජනාධිපතිවරණය” යනුවෙන් බවත්, 2020 දී රටේ ජනාධිපතිවරණයක් නොමැති අතර, ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2019 දී බව ද අදාළ නිවේදනය මඟින් දක්වා තිබේ.
ව්‍යවස්ථාවට අනුව 2019 දෙසැම්බර් 09 වෙනිදාට පෙර ඊළඟ ජනාධිපතිවරණය පවත්වා හමාර විය යුතු වන අතර, මේ බව මුලින්ම ජනතාවට දැණුම් දී සිටියේද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට කලකට පෙර නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් බවද මාධ්‍ය ලේකම්වරයා මෙහිදී පෙන්වා දී තිබේ.
“ඊළඟ ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තවම නම් කර නැති බව මෙයින් අපි දැනුම් දී සිටිමු. හිටපු ජනාධිපතිතුමා සිංගප්පූරු සංචාරයක් සඳහා රටින් පිටවෙන තුරු බලා සිට මේ කූට ලේඛනය මුදාහැර තිබෙන බව පැහැදිලිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන විට එය මාධ්‍ය නිවේදනයක් මගින් නොකරන බවත්, එය ප්‍රසිද්ධ ස්ථානයක තමන් පෞද්ගලිකවම සිදුකරන බවත් මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී සිටී. “ යැයි එම නිවේදනයේ සඳහන් වේ.
COMMENTS