හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෝර්ට් සිටිහි තැබූ මුල්ගල මුහුදට දැමූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරු...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෝර්ට් සිටිහි තැබූ මුල්ගල මුහුදට දැමූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
ඒ ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මේ ආණ්ඩුව පැහැදිලිවම අත්තනෝමතික ක්‍රියා කලාප ගෙනියනවා. දැන් අපි දැක්කා ඊයේ පෙරේදා පෝර්ට් සිටි එකේ ස්ථානගත කරලා තිබිච්ච මුල්ගල චීන ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තියපු මුල්ගල ලොරි තට්ටුවක පටවාගෙන ගිහිල්ලා මහ මුහුදට අතාරින්න ගෙනියනවා. මේගොල්ලෝ හිතනවා මහින්ද රාජපක්ෂ නම තිබුණම මේක මුහුදට ගිහිල්ලා අතාරින්න ඕනේ කියලා. හැබැයි මේගොල්ලෝ ගිහිල්ලා චීන ජනාධිපතිවත් මුහුදට අතාරිනවා. හෙට චීනේ මොන විදියේ උත්තරයක් මේකට දේවිද දන්නේ නැහැ.”
COMMENTS